Home Local News Room : බෞද්ධ සරසවිවල භික්ෂුන්ගෙන් 45%ක් අවසන් වසරේදී සිවුරු අරිනවා

News Room : බෞද්ධ සරසවිවල භික්ෂුන්ගෙන් 45%ක් අවසන් වසරේදී සිවුරු අරිනවා

6
0

බෞද්ධ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන භික්ෂූන්ගෙන් 45%ක් අවසන් වසරේදී උපැවිදි වන බව අනාවරණය වේ. පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී විදුර වික්‍රමනායක අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඉදිරියේදී සාකච්ඡා කොට ඊට අවශ්‍ය පියවර ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවැසීය.

වාර්ෂිකව පැවැත්වෙන කලායතන විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය රු. ලක්ෂ 32ක ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් විභාගය වසර 6ක් කල් ගොස් ඇතැයිද කමිටුවේදී අනාවරණය විය.

මෙම විභාගය 2016 වසරේ පැවත්වීමට නියමිතව තිබුණත් මෙතෙක් විභාගය පවත්වා නැත. ප්‍රතිපාදන නොමැතිකම නිසා විභාගය වසර 6ක් කල්යාම පිළිබඳව සිය අප්‍රසාදය පළකළ විදුර වික්‍රමනායක අමාත්‍යවරයා මේ සඳහා වහාම මැදිහත්ව විභාගය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යාංශ ලේකම්වරයාට වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

අනුරාධා හේරත්

පෙර ලිපියසෆාරි ටුවර් ගැන ජනපතිගෙන්  තද තීරණයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here