Home Local News Room : ටෝකන් ක්‍රමයට දුවන ලංකාවේ දුම්රියක්

News Room : ටෝකන් ක්‍රමයට දුවන ලංකාවේ දුම්රියක්

2
0

උතුරු දුම්රිය මාර්ගයේ මැදවච්චිය කන්කසන්තුරේ අතර පවතින සංඥා දෝෂ නිවැරදි කිරීම සඳහා සෙට්ටිකුලම – මන්නාරම අතර දුම්රිය මාර්ගයේ ඇති මෙහෙයුම් පුවරු ගලවා ගෙන යාම නිසා සෙට්ටිකුලම මන්නාරම අතර දුම්රිය සංඥා පද්ධතිය සම්පූර්ණයෙන් ම අකර්මණ්‍ය වී ඇත.

මේ හේතුවෙන් සෙට්ටිකුලම – මන්නාරම අතර දුම්රිය ධාවනය වන්නේ ඉතා පැරැණි දුම්රිය මෙහෙයුම් ක්‍රමයක් වන ටෝකන් ක්‍රමයට වේ.

ඒ අනුව, එක ම දෙසට දුම්රිය දෙකක් ධාවනය කළ නොහැකි බැවින් දුම්රියක් එක් දිසාවකට ගොස් ආපසු පැමිණෙනතුරු තවත් දුම්රියක් ඒ දිසාවට ධාවනය කළ නොහැකි වේ.

අනුරාධපුර සිට උතුරු දුම්රිය මාර්ගයේ හා මන්නාරම මාර්ගයේ සංඥා පද්ධතිය ඉන්දියානු ආධාර යටතේ ඉදිකරනු ලැබූ අතර එහි ඉදිකිරීම් අවසන් වීමෙන් පසු මෑතකදී විවෘත කරන ලද්දේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසිනි.

මෙම සංඥා පද්ධතිය ඉන්දිය දුම්රිය සේවාවේ අසමත් අංගයක් ලෙස සැලකෙන බවත් එය කවර හේතුවක් මත මෙරටට ගෙන ආවේද යන්න ගැන සිතාගත නොහැකි බවත් දුම්රිය මාර්ග ඉන්ජිනේරුවරයෙක් ‘මව්බිම’ට කීය.

කෙසේ වෙතත්, ළඟදී ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට නියමිත මහව සහ අනුරාධපුර අතර මාර්ගයේ ඉදිකිරීම්වලදී ද මේ අසමත් සංඥා පද්ධති ක්‍රමය යොදා ගැනීමට දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේ ය.

පෙර ලිපියආන්දෝලනාත්මක හිටපු චරිතයකට බරපතළයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here