Home Local News Room : “අභියෝගවලට මුහුණ දිය හැකි අය ඉන්නේ පොහොට්ටුවේ”

News Room : “අභියෝගවලට මුහුණ දිය හැකි අය ඉන්නේ පොහොට්ටුවේ”

5
0

ප්‍රශ්නවලට බය නොවී රටේ අභියෝග භාරගත හැකි පිරිස සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බව එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

ඕනෑ ම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බව ද මහින්ද රාජපක්ෂ මහතා කීය.

විවිධ බොරු ප්‍රචාර යවා ජනතාව උසිගන්වන පිරිස් රට වෙනුවෙන් වගකීම් භාර ගැනීමට පෙරට නොඑන බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

විවිධ බොරු ප්‍රචාර පතුරු වන පිරිස්වලට තමාට මතක් කරදීමට ඇත්තේ, “පිස්සෝ කලබල වුණාට ‍ෙදාස්තර කලබල නොවන බවට” ඇති පරණ කතාව බව ද මහින්ද රාජපක්ෂ මහතා කීවේ ය.

පුත්තලම ආරච්චිකට්ටුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඊයේ (ඔක්. 27) මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසීය.

The post “අභියෝගවලට මුහුණ දිය හැකි අය ඉන්නේ පොහොට්ටුවේ” appeared first on මව්බිම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here