Home Local News Room : කාලිංග-මාඝ පරපුරේ රාජපක්ෂලා අපේ අටුකොටු වගාවන් විනාශ කළා

News Room : කාලිංග-මාඝ පරපුරේ රාජපක්ෂලා අපේ අටුකොටු වගාවන් විනාශ කළා

7
0

‘කාලිංග-මාඝ පරපුරේ රාජපක්ෂවරු මේ රට විනාශ කළා’ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය. උඩරට කැරැල්ලේදී සුදු ජාතිකයන් මෙන්ම කාලිංග-මාඝ සිදුකළ ආක්‍රමණවලින්ද රටේ අටුකොටු ඇතුළු සියලු වගාවන් විනාශ කළා සේ මොවුන්ද රටේ කෘෂිකර්මාන්තය පසුගිය කාලයේ නැත්තටම නැති කළ බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පසුගිය 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා  පරාජයට පත් වූ පසු ඔහු සහ රට අතහැර පලා ගිය බැසිල් රාජපක්ෂ මහතා නැවතත් විශ්මයජනක පරිවර්තනාත්මක වෙනසක් වෙනුවෙන් පැමිණෙන බවට පොහොට්ටුවේ මහ ලේකම්වරයා සඳහන් කළත් ඔහු මේ රට බංකොලොත් කිරීමේ සාපරාධී වරදේ ප්‍රධාන චූදිතයා බවත් ඔහු අන්ත දූෂිත පුද්ගලයකු බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඩොලර් උපයන සංචාරක කර්මාන්තය, තොරතුරු තාක්ෂණය, ඇඟලුම් ආදී අපනයන ක්‍ෂේත්‍ර සඳහා විශාල ලෙස බදු පනවා ඇති බවත් ඔවුන්ගේ මේ ක්‍රියාවන් කිසිදු ආකාරයක විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය අනුමත නොකරන බවත් වැල්ලවාය ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් හෙතෙම මෙසේ පැවැසීය.

ආණ්ඩු බලයක් නොමැතිව වුවත් සමගි ජන බලවේගයට ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදුකළ හැකි බවත් එය ප්‍රායෝගිකව ඔප්පු කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවැසීය.

නිර්මාණි ගුණරත්න

පෙර ලිපියකොරෝනා මධ්‍යස්ථානවලට රතු නිවේදන ඇවිත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here