Home Local News Room : බල්ලකු බස් රියට යට වුණැයි රියැදුරාට කොන්ද කැඩෙන්න ගහලා

News Room : බල්ලකු බස් රියට යට වුණැයි රියැදුරාට කොන්ද කැඩෙන්න ගහලා

4
0

බල්ලකු යට කරගෙන ගියා යැයි පොළොන්නරුව ලංගම ඩිපෝවේ සේවයේ නියුතු රියැදුරකුට බෝගස්වැව ප්‍රදේශයේ තරුණයන් පහළොස් දෙනෙක් එක්ව පෙරේදා (26දා) සවස පහරදීම නිසා ඔහු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිසිය කියයි.

කදුරුවෙල සිට මහදමන දක්වා බිම්පොකුණ මාර්ගයේ ගමන් කරමින් සිටියදී ලංගම බස් රථයට එම සුනඛයා යට වීමෙන් මියගොස් ඇති අතර අනතුරුව රියැදුරු බසයෙන් බස්සවා තරුණයන් 15ක් පමණ රියැදුරාට පහරදී ඇති බවට ලංගම ඩිපෝ අධිකාරිවරයා විසින් අරලගංවිල පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.

ඉකුත් 26 වැනිදා සවස සිද්ධිය සිදුව ඇති අතර ලංගම බස් රියැදුරුට පහරදුන් තරුණයන්ගෙන් තිදෙනකු 27 වැනිදා අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.පී. වසන්ත ප්‍රේ්මලාල් අප කළ විමසීමකදී සඳහන් කළේය.

මෙම පහරදීමෙන් රියැදුරුගේ කොඳුනාරටියට බරපතළ හානි වී ඇතැයි ප්‍රකාශ වන අතර එසේ තුවාල ලබා  පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ මහදමන, ඇල්ලෙවැව, කේ.ජී. මහින්දරත්න යන රියැදුරු බව පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි.

පොළොන්නරුව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වාගේ උපදෙස් මත පොළොන්නරුව පොලිස් අධිකාරි නිශාන්ත  රත්නපාලගේ මඟපෙන්වීම යටතේ අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත ප්‍රේමලාල් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

මනම්පිටිය _ නිමල් ජයරත්න

පෙර ලිපියඅන්තරේ TIDය ඉදිරිපිට විරෝධතාවක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here