Home Local News Room : කොළඹ ප්‍රදේශ රැසකට හෙට සිට අනිද්දා දක්වා පැය 12ක්...

News Room : කොළඹ ප්‍රදේශ රැසකට හෙට සිට අනිද්දා දක්වා පැය 12ක් ජලය කැපෙයි

0
0

අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කිහිපයක් හේතුවෙන් හෙට (ඔක්. 28) රාත්‍රී 10.00 සිට අනිද්දා (ඔක්. 29) පෙරවරු 10.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, කොළඹ 2,3,4,5,7,8, සහ 10 යන ප්‍රදේශවල එලෙස ජලය කප්පාදු කිරීම නියමිත ය.

මහ කොළඹ ජල සහ අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ සිදු කරන ලබන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කිහිපයක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරට ත් සඳහන් කළේ ය.

පෙර ලිපියඇෆ්ගනිස්ථානය ලොව ‘අඩු ම ආරක්ෂාවක් ඇති’ රට බවට පත් වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here