Home Local News Room : විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ ගිනි අවියක් සේදවත්තෙන්...

News Room : විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ ගිනි අවියක් සේදවත්තෙන් සොයා ගැනේ

2
0

හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත සේදවත්ත නව කැලණි පාලම අසල සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සොයා ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, අදාළ සැකකරු ඔක්තෝබර් 21 වන දා කොළඹ අපරාධ කෙට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ය.

සැකකරු වයස අවුරුදු 31ක් වූ සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඔක්තෝබර් 28 දක්වා දින 7ක රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන සිදු කර ඇති බව පොලිසිය පැවසීය.

ඒ අනුව, මෙම සැකකරුගෙන් දීර්ඝ වශයෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු යුද්ධ හමුදා සේවයෙන් පළාගොස් ඇති අයෙකු වන අතර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වී මේ වන විට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ මුදල් එකතු කිරීමේ කටයුතු ද සිදු කර ඇත.

ඔහු වෙනත් නමකිත් සකස් කළ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගි කර ගෙන මෙම වසරේ මාර්තු මස ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඔක්තෝබර් 11 වන දින නැවත දිවයිනට පැමිණ ඇති බව ට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පොලිස් භාරයට ගත් දේපළ අද (ඔක්. 27) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here