Home Local News Room : යාල සිද්ධියට සම්බන්ධ නිලධාරීන් ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

News Room : යාල සිද්ධියට සම්බන්ධ නිලධාරීන් ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

0
0

යාල වනෝද්‍යානයේ ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධියට අදාළ නිලධාරීන් පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත් තීරණය කර තිබේ.

යාල වනෝද්‍යානය ආශ්‍රිතව කටයුතු කළ නිලධාරීන් රාජකාරිමය වගකීම පැහැර හැරීම හා ඔවුන් එම සිද්ධිය සම්බන්ධව කිසිදු විටෙක ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර නොගැනීම සම්බන්ධව විමර්ශන කටයුතු මෙහෙයවීම සඳහා අදාළ කමිටුව පත් කිරීමට තීරණය කර ඇත.

අද දින මේ සම්බන්ධව කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡා කර අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් එම ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීමට පියවර ගන්නා බව ද ලේකම්වරිය ප්‍රකාශ කර තිබේ.

එමෙන් ම යාල වනෝද්‍යානය තුළ අනිසි ලෙස හැසිරුණු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම වැනි කටයුතුවලදී ශ්‍රී ලංකා පොලිසියේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට ලිපියක් අද දින (ඔක්. 26) චන්ද්‍රා හේරත් මහත්මිය විසින් යොමු කරනු ලැබීමට නියමිත ය.

යාල වනෝද්‍යානයට ඇතුළු වී අයථා ලෙස වාහන භාවිත කරමින් වනජීවී හා වෘක්ෂලතා පනත උල්ලංඝණය වන අයුරින් කටයුතු කළ පිරිස සම්බන්ධව ඊයේ දිනයේදී යාල වනෝද්‍යානය භාරකරු විසින් අදාළ පිරිසට අධිකරණමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබ තිබේ.

එමෙන් ම මෙම සිදුවීමේ දී තම රාජකාරිමය වගකීම් පැහැර හැරි හා සිද්ධියට ඝෘජුව හෝ වක්‍රව දායකත්වය ආසන්නව ම සපයා ඇති නිලධාරින් 7 දෙනෙකුගේ සේවය විමර්ශන අවසන් වන තෙක් තාවකාලිකව අත්හිටුවීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා ඊයේ දිනය තුළ පියවර ගෙන ඇත.

ඉදිරි විමර්ශනවලදී ඔවුන් හත්දෙනාට අමතරව අනිකුත් ඊට සම්බන්ධ තවත් නිලධාරින්ගේ නම් හෙළිදරව් වුවහොත් ඔවුන්ට එරෙහිව ද විනයානුකූලව පියවර ගැනීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here