Home Local News Room : රනිල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

News Room : රනිල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

2
0

එක්සත් රාජධානියේ පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඒ, නව අග්‍රාමාත්‍ය රිෂී සුනක් එරට අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීමත් සමග ය.

ඒ අනුව, එක්සත් රාජධානියේ නව පරිසර අමාත්‍යවරයා ලෙස තෙරේස් කොෆී පත් කර ඇත.

ජයවර්ධන සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලියමින් සඳහන් කර ඇත්තේ, සිය ධූර කාලය සිදු කළ බොහෝ රාජකාරිවලින් පසු තම අනුප්‍රාප්තිකයාට එරට පාරිසරික ඉඩම් කළමනාකරණ යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති සැලසුම් ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇති බව ය.

ඔහු සැප්තැම්බර් 6 වන දා සිට එක්සත් රාජධානියේ පරිසර අමාත්‍යවරයා ලෙස පත් විය.

මීට පෙර ජාත්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ අමාත්‍යවරයෙකු වූ ජයවර්ධන හිටපු අගමැති ලිස් ට්‍රස්ගේ පළමු පෙළ ආධාරකරුවෙකි.

ඔහු 2015 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් විය.

ලිස් ට්‍රස්ගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා ආසියානු සම්භවයක් සහිත රිෂී සුනක් පත් විය.

ඊයේ (ඔක්. 25) ඔහු තෙවන චාර්ල්ස් රජු ඉදිරියේ අගමැති ධූරය භාර ගත් අතර පසුව කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමට පියවර ගත්තේ ය.

ඒ අනුව, නව අගමැතිවරයා ප්‍රමුඛ නව කැබිනට් මණ්ඩලය අද (ඔක්. 26) පළමු වරට රැස්වන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here