Home Local News Room : ද්විත්ව පුරවැසිභාවය ගැන හොයන්න ක්‍රමයක් රජයට නැති ලු

News Room : ද්විත්ව පුරවැසිභාවය ගැන හොයන්න ක්‍රමයක් රජයට නැති ලු

1
0

ද්විත්ව පුරවැසිභාවය ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව සොයා බැලීමය ක්‍රමයක් රජයට නොමැති බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, අද (ඔක්. 26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියක නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් ඇති බව ත් එය අධිකරණය විසඳිය යුතු ගැටලුවක් බව ත් හිටපු මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළ බව ගුණවර්ධන මහතා පැවසීය.

“අපිට එහෙම ක්‍රමයක් නැහැ. කවුරු හරි ද්විත්ව පුරවැසිභාවය තියෙනවා නම්, අපිට ද්විත්ව පුරවැසිභාවය නැහැ, තියෙන කෙනෙක් ඒ පාර්ලිමේන්තුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දරන්නට බැහැ. එය රජයට හොයන්න ක්‍රමයක් නැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here