පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග අද (ඔක්. 25) පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 7ක පහසු ජයක් හිමි විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කට ලකුණු 157ක් රැස් කළේ ය.
එහිදී පැතුම් නිස්සංක ලකුණු 40ක් රැස් කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 3කදී ලකුණු 158ක් රැස් කරමින් තරගයේ ජය හිමි කර ගත්තේ ය.
ඒ, කඩුලු 3ක් පමණක් බිඳ වැටී තිබියදී ය.
ඔස්ට්‍රේලියානු පිතිකරු මාර්කස් ස්ටොයිනිස් පන්දු 18කදී ලකුණු 59ක් රැස් කිරීම විශේෂත්වයකි.