පේදුරුතුඩුව, වල්ලිපුරම් ප්‍රදේශයේ වෙල් යායක මත්පැන් පානය කරමින් සිටි තරුණයින් 6 දෙනෙකුගෙන් දෙදෙනෙකු වෙල් යායේ තිබූ ළිඳකට වැටී දියේ ගිලී මිය ගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඔවුන් දෙදෙනා බරපතළ තත්ත්වයෙන් මන්දිගායි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව ය.
මරණකරුවන් වයස අවුරුදු 24ක් වූ වල්ලිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
මත්පැන් පානය කරමින් සිටි පිරිස අතුරින් එක් පුද්ගලයෙකු ළිඳට වැටුණු අවස්ථාවේ තව ත් තරුණයෙකු ඔහු බේරා ගැනීමට ළිඳට පැන ඇත.
එහිදී දෙදෙනා ම දියේ ගිලී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය.
මෘත ශරීරය මන්දිගායි රෝහාලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.