Home Local News Room : ත්‍රිරෝද රථ ගාස්තු අඩු කළ කතාව ඇත්ත ද?

News Room : ත්‍රිරෝද රථ ගාස්තු අඩු කළ කතාව ඇත්ත ද?

0
0

ත්‍රිරෝද රථ ගාස්තු පහළ දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.

එහි සභාපති ලලිත් ධර්මසේකර mawbima.lk කළ විමසීමකදී සඳහන් කළේ, යම් පාර්ශවයක් ත්‍රිරෝද රථ ගාස්තු පහළ දැමූ බව ප්‍රකාශ කරන්නේ නම්, එය කිනම් ගාස්තුවක සිට පහළ දැමුවේ ද? යන්න ප්‍රකාශ කළ යුතු බව ය.

ගාස්තු පහළ දැමූ බවට මාධ්‍ය වෙත ප්‍රකාශ සිදු කළ පමණින් එය සිදු නොවන බව ඔහු පැවසීය.

ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය සඳහා මේ වන විට ඉහළ දමා ඇති ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව ත් අවම වශයෙන් එය ලීටර් 10කින් ඉහළ දැමුවේ නම් මිල සංශෝධනයක් සිදු කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.

ධර්මසේකර මහතා සඳහන් කළේ, මේ වන විට රථ පළමු කිලෝමීටරය සඳහා රු. 100ක් අය කරන ත්‍රිරෝද රථ සහ රු. 120ක් අය කරන ත්‍රිරෝද රථ මාර්ගයේ ධාවනය වන බව ය.

වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 5ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඊයේ (ඔක්. 24) පියවර ගෙන තිබිණි.

ඒත් සමග ඇතැම් ත්‍රිරෝද රථ සංගම් කිලෝමීටරයක් සඳහා අය කෙරෙන ගාස්තුව රු. 20කින් පහළ දැමූ බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here