Home Local News Room : ඇමතිට බුරා පැන්න බල්ලාට ආරක්‍ෂකයෝ වෙඩි තියලා

News Room : ඇමතිට බුරා පැන්න බල්ලාට ආරක්‍ෂකයෝ වෙඩි තියලා

2
0

යාපනයේ සංචාරයක නිරතව සිටියදී පසුගියදා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි නිලධාරියෙකු ගෘහාශ්‍රිතව ඇති කළ බල්ලෙකුට වෙඩි තබා ඝාතනය කොට ඇතැයි වාර්තා වේ.

යාපනය වැල්වැටිතුරෙයි පොලිස් බල ප්‍රදේශයේදී ඉකුත් 12 වන දා මේ වෙඩි තැබීම සිදුව ඇතැයි පැවැසේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ හිතවතෙකුගේ නිවසකට ගිය අවස්ථාවේදී එම නිවසේ ඇති කළ බල්ලෙකු අමාත්‍යවරයා දැක බුරාගෙන සපා කෑමට උත්සහා දරා ඇති බව සඳහන් වේ.

ඒ අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි නිලධාරියෙකු එම බල්ලාට වෙඩි තබා ඇති අතර වෙඩි වැදීමෙන් එම සත්ත්වයා ජීවිතක්ෂයට පත්ව ඇති බවද පැවැසේ.

මේ පිළිබඳව ‘මුදල්වන්’ නම් දමිළ වෙබ් අඩවියද වාර්තා කර තිබිණි.

මේ සම්බන්ධයෙන් පොලිසියෙන් විමසා ඇතත් ඔවුන් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද එම වෙබ් අඩවිය සඳහන් කර ඇත.

මේ ගැන සත්ත්ව සංවිධානයක් වැල්වැටිතුරෙයි පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති අතර එම පැමිණිල්ලට අනුව මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ, වැල්වැටිතුරෙයි පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත මේ වන විට අදාළ වෙඩි තැබීම කළ නිවසේ හිමිකරුගෙන් ප්‍රකාශයක් ලබාගත් බව ය.

මේ සම්බන්ධයෙන් කොළඹ පදනම් කර ගත් සුනඛ ආරක්ෂක සංවිධාන කිහිපයකින් විමසීම් කළ ද ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගයක් ගැන සෘජුව අදහසක් පළ කළේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here