Home Local News Room : අටමස්ථානාධිපති ධුරයට අයැදුම්පත් කැඳවීම ළඟදීම

News Room : අටමස්ථානාධිපති ධුරයට අයැදුම්පත් කැඳවීම ළඟදීම

3
0


අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ එම ධුරයට අටමස්ථාන කාරක සභාව රැස්වී සුදුසුකම් සපුරා ඇති අටමස්ථානය නියෝජනය කරන විහාරාධිකාරී හිමි නමක් ඉදිරියේදී තෝරා පත්කර ගැනීමට නියමිත බව වැඩබලන අනුරාධපුර අටමස්ථානාධිපති රුවන්වැලි මහසෑ විහාරාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ ඊයේ (20දා) පැවැසූහ.

ඒ පිළිබඳව කළ විමසුමකදී උන්වහන්සේ

එසේ කීහ.

නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව දිනක අටමස්ථාන කාරක සභාව රැස්වී එම පුරප්පාඩුව පිරවීම සාම්ප්‍රදායිකව කරනු ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

පුරප්පාඩුව පවතින අටමස්ථානාධිපති ධුරයට අටමස්ථාන කාරක සභාව විසින් අටමස්ථානයේ විහාරාධිකාරී ධුරය දරන සුදුසුකම් සපුරා ඇති හිමිවරුන්ට සිය අයැදුම්පත් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙන බවත් ඒ අනුව ඉදිරිපත් කෙරෙන අයැදුම්පත් අටමස්ථාන කාරක සභාව පරීක්ෂා කොට සුදුසු හිමිනමක් තෝරා පත්කර ගනු ලැබීම සම්ප්‍රදාය බවත් පල්ලේගම හේමරතන නාහිමියෝ පැවැසූහ.

අනුරාධපුර – පර්සි කුරුනේරු

පෙර ලිපියකොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා පැය 14ක් ජලය කැපෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here