Home Local News Room : කැස්ස පැණියක් ඉන්දුනීසියාවෙත් ළමයින් 100ක් මරයි

News Room : කැස්ස පැණියක් ඉන්දුනීසියාවෙත් ළමයින් 100ක් මරයි

8
0

වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ ළදරු මරණ 99ක් පමණ වාර්තා වී ඇත.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලු ම දියර ඖෂධ වර්ග භාවිතය හා වෙළෙඳාම අත්හිටුවීමට එරට රජය තීරණය කර ඇත.

කැස්ස පැණියක් භාවිත කිරීම මෙම මරණවලට හේතුව බව අනාවරණය වී ඇත. මේ ආකාරයට ගැම්බියාවේ දරුවන් 70ට අධික පිරිසක් ද මෙවැනිම පැණි වර්ග භාවිත කිරීම නිසා පසුගිය දා මරණයට පත්වූහ.

ඉන්දුනීසියාවේ දිස්ත්‍රික්ක 20ක පමණ දරුවන්ට වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී ලක්ෂණ පවතින බව සෞඛ්‍ය අංශ මගින් හඳුනා ගැනීම හා එම ඖෂධ භාවිත කළ ළදරුවන් මිය යාම මෙම පියවර ගැනීමට හේතු වී ඇත.

ඉන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය සිරප් වර්ග සම්බන්ධයෙන් ගෝලීය අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.

පෙර ලිපිය“සිරිනිවාස නාහිමිට රාජ්‍ය අනුග්‍රහය එපා”
ඊලග ලිපිය“පාසල්වල වතුර කපන්නේ නෑ”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here