Home Local News Room : 22ට සහාය දෙන්න සජිත් තීරණය කරයි

News Room : 22ට සහාය දෙන්න සජිත් තීරණය කරයි

7
0


විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි තුනක් මත සහාය ලබාදීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවැසීය. ඒ අනුව අදාළ කොන්දේසි ලෙස ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ සාමාජිකයන් පත්කිරීමේදී අගමැති සහ විපක්ෂ නායකවරයා එකඟතාවයෙන් තෝරා ගැනීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වීමේ තහංචිය එලෙසම පැවැතීම සහ පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් විසිරවීමට ජනාධිපතිවරයා සතු බලය එලෙසම තබා ගැනීම යන ඒවා බව විපක්ෂ නායකයා කීය.

විනිවිදභාවයෙන් යුක්තව රට වෙනුවෙන් දෙන  සහාය ලබාගැනීමට නම් තමන් පැනවූ කොන්දේසි  තුන හොඳින් ඔළුවේ තබාගතයුතු බවත් පොහොට්ටුව ඇතුළේ තිබෙන ප්‍රශ්න සමගි ජන බලවේගයට අදාළ නැති බවත් කී විපක්ෂ නායකයා රට වෙනුවෙන් නම්‍යශීලී තැනකට පැමිණ සහාය දීමට තමන් සූදානම් බවත් අවධාරණය කළේය.

පොහොට්ටුවේ ඇමැති නොවන අය 22ට සහය දෙන්න සූදානම්ද නැද්ද යන්නත් ඔහු මෙහිදී  ප්‍රශ්න කළේය.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙස  සාපේක්ෂව බැලූ විට 20ට වඩා යම් පොඩි වෙනසක් හොඳ පැත්තට තිබෙන බවද ප්‍රේමදාස මහතා පැවැසීය.

ජනාධිපති බලතල යම්තාක් දුරකට අඩුකිරීම සඳහා සමගි ජන බලවේගයද යෝජනාවක් ඉදිරිපත් කරන බවද විපක්ෂ නායකයා කීය.

විසි දෙවැනි සංශෝධනය දෙස මුළු ලෝකයම බලා සිටින අතර එය රටට ජාත්‍යන්තරයෙන්  ආධාර ලබාදීමේ එක් පුරුකක් වන බවත් 22න් උපරිම ඉලක්ක සම්පූර්ණ නොවුණත් බංකොලොත් රට තවත් බංකොලොත් කරන්න  සූදානම් නැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අනුරාධා හේරත්, ස¾දුනි ගමාරච්චි

පෙර ලිපියරට හදන තැන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here