Home Local News Room : ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අමෙරිකා එක්සත් ජනපදයේ අඛණ්ඩ...

News Room : ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අමෙරිකා එක්සත් ජනපදයේ අඛණ්ඩ සහය

3
0


ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) සඳහන් කර තිබේ.

ඩොනල්ඩ් ලූ මේ බව සඳහන් කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාවේදී ය.

එම හමුව අද (ඔක්. 19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වී ඇති අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චංග් (Julie Chung), දේශපාලන හා ආර්ථික උපදේශක සුසන් වෝක් (Susan Walke) යන මහත්මීන් ද ඊට එක්ව සිට ඇත.

ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු රජය ලබා දෙන අඛණ්ඩ සහය මෙහිදී අගය කර ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ සිය ස්තූතිය පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාව තුළ සාමකාමී වාතාවරණයක් ඇති කිරීම පිළිබඳ ජනාධිපතිවරයා වෙත සුභාශීංසන පිරිනමා ඇති සහකාර රාජ්‍ය ලේකම්වරයා, අභියෝග ජය ගනිමින් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට හැකි සුදුසු ම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව ප්‍රකාශ කර ඇත.

මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේදී ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට ලබා දිය හැකි සෑම සහයක් ම ලබා දීම අපේක්ෂාව බව සඳහන් කර අථිඅ ඩොනල්ඩ් ලූ, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමට සහ ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගන්නා උත්සහය ද ඇගයීමට ලක් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here