Home Local ෆිච් රේටින්ග්ස් වෙතින් ලංකාවට තවත් අනතුරු ඇඟවීමක් News Room

ෆිච් රේටින්ග්ස් වෙතින් ලංකාවට තවත් අනතුරු ඇඟවීමක් News Room

2
0


ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍ර වුවහොත් හෝ තවදුරටත් පැවතියහොත් මෙරට පාරිභෝගික භාණ්ඩ සිල්ලර වෙළෙඳාම සිදු කරන ආයතන, බලශක්ති උත්පාදනය සහ ගොඩනැගිලි කර්න්මාන්තය වඩා ත් බලපෑමට ලක් වනු ඇතැයි ෆිච් රේටින්ග්ස් පවසයි.

එම ආයතනය පෙන්වා දෙන්නේ, ඉල්ලුමට සහ ලාභයට බලපාන උද්ධමනය, ආනයන සීමා කිරීම් සහ ඉහළ පොළී අනුපාත ශ්‍රී ලංකාව් දේශීය ආයතන ඉදිරි මාස 12-18 අතර මුහුණ දෙන අවදානම් තත්ත්ව බව ය.

අනෙකුත් ආයතනවලට ආර්ථික කඩාවැටීම මුහුණ දීමට හැකිවනු ඇතැයි ඔවුන් අනාවැකි පළ කර තිබේ.

2022 මාර්තු මාසයේ රුපියලේ සිදු වූ තියුණු අවප්‍රමාණයට පෙර මිල දී ගත් උද්ධමනය පදනම් වූ මිල ඉහළ දැමීම් සහ අඩු වියදම් බඩු තොග විකිණීම හේතුවෙන් බොහෝ ශ්‍රේණිගත කළ ආයතනවලට ඔවුන්ගේ 2022 ජූනි කාර්තු ප්‍රතිඵලවල ශක්තිමත් ආදායම් වර්ධනයක් සහ ආන්තිකය පුළුල් කර ගැනීමට හැකි වූ බව ෆිච් රේටින්ග්ස් පෙන්වා දී ඇත.

පෙර ලිපියවෙඩි තබා 21 හැවිරිදි තරුණියක් ඝාතනය කරලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here