
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස සැලකෙන කෙටි දුර ධාවන ශුර යුපුන් අබේකෝන් ඊයේ (18දා) අලුයම කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළින් මවුබිමට ළඟා විය. අගෝස්තු මාසයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමෙන් පසුව යුපුන් ශ්‍රී ලංකාව වෙත පැමිණි පළමු අවස්ථාව මෙයයි.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුපුන් කියා සිටියේ මෙවැන්නකි. “මේ වසරේදී ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට මට හැකි වුණා. තත්පර 10කට අඩු කාලයකින් මීටර් 100 තරගය අවසන් කිරීමට හැකිවූ පළමු දකුණු ආසියාතික ක්‍රීඩකයා බවට පත්වීමට මට හැකියාව ලැබුණු නිසා එය දකුණ ආසියානු ක්‍රීඩා ඉතිහාසය වෙනස් කළ සිදුවීමක් බවට පත්වුණා. ඒ සම්බන්ධයෙන් මම ආඩම්බර වෙනවා. එහිදී එවන් දස්කමක් කළ ලෝකයේ 167 වැනි ක්‍රීඩකයා ලෙසත් එවැන් දස්කමක් සිදුකළ ක්‍රීඩකයකු නියෝජනය කළ 32 වැනි රට බවට ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කර දීමටත් මට හැකිවුණා. ඒ වගේම බර්මිංහැම්හිදී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ලෝකඩ පදක්කම දිනා ගැනීමටත් මට හැකියාව ලැබුණා”
කෙසේ වෙතත් ක්‍රීඩකයන් ජාත්‍යන්තර තළයේ ඉදිරියට පැමිණෙද්දී ලොව සෙසු රටවල ඔවුන්ට සළකන සහ ඔවුන්ගේ දස්කම්වලට වටිනාකම ලබා දෙන ආකාරයක් පවත්නා බවත් ශ්‍රී ලංකාව තුළ තවමත් එවන් වාතාවරණයක් ගොඩනැගී නොමැති බවත් යුපුන් මෙහිදී කියා සිටියේය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ යුපුන් මෙසේද කියා සිටියේය.
“උදව් අවශ්‍ය අවස්ථාවේදී එම උදව්ව නොමැතිව ඉදිරියට යෑම ඉතා අපහසුයි. මෙවන් ක්‍රීඩාවල එක්වරක ලැබෙන අවස්ථාව නැවත ලැබෙන්නේ ඉතා කලාතුරකින්. කෙසේ වෙතත් මලල ක්‍රීඩකයන්ගේ වෘත්තීමයභාවය ඇතිකරලීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සමඟින් මම විශේෂ සාකච්ඡාවක් පවත්වමින් යනවා. ඒ අනුව ඉදිරි කාලයේදී ඊට සාධනීය පිළිතුරක් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා. එසේම මට හැකි උපරිම අයුරින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට උදවු කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා.”
ගමිත දෙහිපිටිය