Home Local මූල්‍ය අක්‍රමිකතාවක් ගැන සුගතදාස සංකීර්ණ සේවකයන්ගෙන් පාලනාධිකාරියට පැමිණිල්ලක් News Room

මූල්‍ය අක්‍රමිකතාවක් ගැන සුගතදාස සංකීර්ණ සේවකයන්ගෙන් පාලනාධිකාරියට පැමිණිල්ලක් News Room

0
0


කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයට සහ මලල ක්‍රීඩාංගණයට නව ක්‍රීඩා භාණ්ඩ ලබා ගැනීමේදී රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුව ඇති බවත්, මිලදීගෙන ඇති ක්‍රීඩා උපකරණ නිසි ප්‍රමිතියෙන් තොර ඒවා බවත් ‘මව්බිම’ට වාර්තා වේ.

ඒ අනුව පසුගිය 2021 වසරේදී රුපියල් කෝටි ගණනක ක්‍රීඩා භාණ්ඩ ඇණවුම් කිරීමේදී ටෙන්ඩර් කැඳවීමක් සිදු කර තිබුණද මෙලෙස නිසි ප්‍රමිතියෙන් තොර උපකරණ මිලදී ගෙන ඇති බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් වාර්තාවන අන්දමට සුගතදාස ක්‍රීඩා සංකීර්ණය සඳහා ජිම්නාස්ටික් භූමි ව්‍යායාම පලස ඇතුළු භාණ්ඩ මෙලෙස නිසි ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් මෙලෙස දැඩි මුදල් නාස්තියක් සිදුව තිබේ.

එම භාණ්ඩමිලදී ගැනීම සම්බන්ධයෙන් සුගතදාස ක්‍රීඩාංගණයේ පොදු සේවක සංගමය ඇතුළු සේවක මණ්ඩලය වත්මන් පාලනාධිකාරිය වෙත විශේෂ ලිපියක් යොමු කර ඇති බව පැවැසේ.

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ හිටපු නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය මත සිදුව ඇති මෙම මුදල් නාස්තිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා හරහා විශේෂ පරීක්ෂණයක් පැවත්වන ලෙසත්, ඊට වගකිවයුත්තන්ට නිසි දඬුවම් පමුණුවන ලෙසත්ය. කෙසේ වෙතත් අදාළ ඉල්ලීමට හෝ මෙම විශාල මුදල් නාස්තිය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට දඬුවම් පැමිණවීමට පරිපාලකයන් මෙතෙක් පියවර ගෙන නොමැති බවද අදාළ සේවකයන් චෝදනා කරයි.

මෙහිදී සුගතදාස ක්‍රීඩාංගණය වෙත පසුගිය වසරේදී මිලදී ගෙන තබූ රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ජිම්නාස්ටික් භූමි ව්‍යායාම පළස එම ක්‍රීඩාංගණයේ ලී පොළොව මත සවි කිරීමේදී අවදානමක් පවතින බවත්, එය සවි කිරීමේදී ක්‍රීඩා උත්සවයක් පවත්වන වාරයක් පාසා අධික මුදලක් වැයකොට ‘ටේප්’ තොග සැපයීමට සිදුව තිබීමත් නැවතත් එම පලස ගැලවීමේදී වෙනත් උපකරණ ලබා ගැනීමට සිදුව ඇති බවත් එහි සේවක මණ්ඩලය පෙන්වා දී තිබේ.

එවන් තත්ත්වයක් තිබියදී මෙම ක්‍රීඩා භාණ්ඩ සැපැයුම්කරුවාට මුදල් ගෙවීමට බලධාරීන් පියවර ගෙන ඇති බවත් මෙවන් විශාල මුදල් අවභාවිතාවක් සිදුවෙද්දීත් බලධාරීන් මුනිවත රැකීම කණගාටුවට කරුණක් බවත් එහි සේවයකන් පෙන්වා දී ඇත. එපමණක් නොව මලල ක්‍රීඩා තරගවලදී යොදා ගන්නා ප්‍රමිතියෙන් තොර ක්‍රීඩා භාණ්ඩ විශාල ප්‍රමාණයක්ද පසුගිය කාලය තුළ මිලදී ගෙන තිබුණද ඒවාද මේ වන විට භාවිතා කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව ද දැනගන්නට ඇත.  

ගමිත දෙහිපිටිය

පෙර ලිපියරට හදන තැන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here