Home Local ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 79ක විශිෂ්ට ජයක් News Room

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 79ක විශිෂ්ට ජයක් News Room

3
0

 

ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති පන්දුවාර 20 ලෝක කුසලානයේ මූලික වටයේ තරගයෙන් ලකුණු 79ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (ඔක්. 18) සමත් විය.

කාසිය වාසිය දිනූ එක්සත් අරාබි එමීර් නායකයා පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේ ය.

ඒ අනුව, පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 152ක් රැස් කර ගැනීමට සමත් විය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු පන්දු 60කින් ලකුණු 74ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එමීර් රාජ්‍යයේ ක්‍රීඩකයන්ට කිසිදු ලෙසකින් හිස එසවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ලකුණු 15කට කඩුලු 3ක් ලබා ගත්තේ ය.

එමීර් රාජ්‍යයේ කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව ඉක්මවා යාමට නොහැකි වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 8කට කඩුළු 3ක් ද දවා ගත් අතර තරගයේ වීරයා පැතුම් නිස්සංකට හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here