පසුගිය 17 වැනිදා තෙල්දෙණිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෝටර් රථයක් තුළ තිබූ කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබූ අතර, එය අම්පාර ප්‍රදේශයේ රෝහලක සේවය කරමින් සිටි භෞත චිකිත්සකවරියකගේ බව හඳුනාගෙන තිබුණි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය සැකකාර පුද්ගලයා සමඟ නුවරඑළිය ප්‍රදේශයේ නවාතැන්පොළක රැඳී සිට ඇති බවයි. පසුව ඇයගේ සිරුර මෝටර් රථයක තබා තෙල්දෙණිය ප්‍රදේශයට රැගෙනවිත් දමා ඇති බවට පොලිසිය සැක පළ කරයි.
තවත් හෙළිවී ඇත්තේ, කැනඩාවට යාමේ අපේක්ෂාවෙන් සිටි මෙම තරුණිය බැංකු සහ පුද්ගලික ණය මාර්ග ඔස්සේ ලබාගත් රුපියල් කෝටි 1.5කට ආසන්න මුදලක් සැකකරුට ලබාදී ඇති බවයි.
සැකකරු නාරම්මල ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වන අතර, විවිධ කාන්තාවන් සමඟ සම්බන්ධතා පවත්වා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විවිධ පොලිස් ස්ථානවල පැමිණිලි මෙන්ම අධිකරණ නඩුද පවතින බව වාර්තා වේ.
කෙසේ වෙතත්, අදාළ තරුණියගේ මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුගෙන් ප්‍රශ්න කිරීමත් සමඟ වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.
මේ පුවත තව අයට බලන්න







