පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා වෙනත් සැකකරුවන් රඳවා සිටින සාමාන්‍ය ස්ථානයකම රඳවා තබා ඇති අතර, ඔහු සිදුකරන නිරාහාර වර්ජනය හමුවේ ජාතික රෝහල මැදිහත් වී ආහාර බටයක් මඟින් ඔහුගේ ආමාශයට අවශ්‍ය පෝෂණය ලබාදීමට පියවර ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, නිරාහාරව සිටිමින් ප්‍රශ්නය උග්‍ර කර නොගෙන තමන් නිවැරදිකරුවෙකු බව ඔප්පු කිරීම සඳහා සලේ මහතා මෙම පරීක්ෂණවලට සහාය දිය යුතු බවයි.
මේ පුවත තව අයට බලන්න







