Home Local News Room : ඩඩ්ලි සිරිසේන, ජී.එල්. පීරිස්ට මූණටම බැණවදී..

News Room : ඩඩ්ලි සිරිසේන, ජී.එල්. පීරිස්ට මූණටම බැණවදී..

1
0

 ඉකුත් 02 වැනිදා පැවැති ඉතාලි නිදහස් දින සැමරුම් උත්සවය අතරතුරදී හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා අතර වාදයක් හටගෙන ඇති බව වාර්තා වේ.

කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම නිල උත්සවයට දේශපාලන හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රභූන් රැසක් එක්ව සිටියහ.

එහිදී මෙරට පවතින දැඩි බදු බර සහ ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාම පිළිබඳව අදහස් දක්වා ඇති මහාචාර්යවරයා, ඩඩ්ලි සිරිසේන මහතා විසින් මෙරටට සුඛෝපභෝගී ‘රෝල්ස් රොයිස්’ වර්ගයේ මෝටර් රථයක් ආනයනය කිරීම ද ඩොලර් අර්බුදයට එක් හේතුවක් වූ බව ප්‍රකාශ කර ඇත.

මෙම විවේචනයට එසැණින් ප්‍රතිචාර දක්වා ඇති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා, මහාචාර්යවරයා වෙත දැඩි වාචික ප්‍රහාරයක් එල්ල කර තිබේ. 

එහිදී සිරිසේන මහතා ප්‍රශ්න කර ඇත්තේ ප්‍රභූ පන්තියට පමණක් මෙවැනි සුඛෝපභෝගී වාහන පරිහරණය කිරීමට අයිතියක් ඇත්ද යන්නයි. 

තමන් මෙම රථය මෙරටට ගෙන්වූයේ කිසිදු වංචා සහගත ගනුදෙනුවකින්, කොමිස් මුදල්වලින් හෝ තීරුබදු රහිත බලපත්‍ර අවභාවිත කරමින් නොවන බව ඔහු එහිදී අවධාරණය කළේය.

දිවා රෑ නොබලා කැපවීමෙන් උපයාගත් ධනයෙන් සහ රජයට ගෙවිය යුතු සියලුම බදු මුදල් නිසි පරිදි පියවා නීත්‍යානුකූල මාර්ගයෙන් තමන් මෙම වාහනය ආනයනය කළ බව හෙතෙම පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිසේන මහතා, මහාචාර්ය පීරිස් මහතා කුඩා අවධියේ පාසල් යාමට සහ වෙනත් පෞද්ගලික අවශ්‍යතා සඳහා රෝල්ස් රොයිස් රථ පරිහරණය කළ අතීතය තමන් හොඳින්ම දන්නා බව පවසා ඇත. 

වංශවත් පවුල්වල උදවිය එවැනි දෑ පරිහරණය කිරීම සාමාන්‍ය දෙයක් ලෙස සලකන නමුත්, දුප්පත් පවුලකින් පැමිණි තමන් වැනි ව්‍යාපාරිකයෙකු ස්වෝත්සාහයෙන් දියුණු වී මෙවැනි වාහනයක් මිලදී ගැනීම ඇතැමුන්ට දරාගත නොහැකි වී තිබෙන බව පවසමින් ඩඩ්ලි සිරිසේන මහතා සිය අප්‍රසාදය පළ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here