Home Local News Room : බැරලය ඩොලර් 286ට ගත්ත ඩීසල් ලීටරය රුපියල් 700 පනිනවා..

News Room : බැරලය ඩොලර් 286ට ගත්ත ඩීසල් ලීටරය රුපියල් 700 පනිනවා..

0
0


ඩීසල්
බැරලයක් ඇමෙරිකානු ඩොලර්
286ක්
වැනි අතිවිශාල මුදලකට මිලදී
ගැනීමට පියවර ගැනීම හේතුවෙන්
,
ඉදිරි
කාලයේදී ඩීසල් ලීටරයක මිල
රුපියල්
700
ඉක්මවා
යනු ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ
නායක
,
හිටපු
අමාත්‍ය පාඨලී චම්පික රණවක
මහතා පවසයි
.

කොළඹදී
මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම
මිල ඉහළ යාම සිදුවන ආකාරය
පිළිබඳව කරුණු කිහිපයක් පෙන්වා
දුන්නේය
.

ඉහළ
මිලකට ලබාගන්නා ඉන්ධන සඳහා
පනවා ඇති
18%

අගය එකතු කළ බද්ද
(VAT),
ලීටරයකට
රුපියල්
50ක්
ලෙස එකතු වන අතිරේක වියදම්
,
ගනුදෙනුවට
සම්බන්ධ තෙවන පාර්ශවයන්ට
ගෙවීමට සිදුවන
3%

කොමිස් මුදල

මෙම සියලුම
පිරිවැය සහ බදු ප්‍රමාණයන්
එකතු වූ විට පාරිභෝගිකයාට
ලැබෙන ඉන්ධන ලීටරයක මිල රුපියල්
හත්සියය ඉක්මවා යාම වැළැක්විය
නොහැකි බව හිටපු අමාත්‍යවරයා
වැඩිදුරටත් අවධාරණය කළේය
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here