ඩීසල්
බැරලයක් ඇමෙරිකානු ඩොලර්
286ක්
වැනි අතිවිශාල මුදලකට මිලදී
ගැනීමට පියවර ගැනීම හේතුවෙන්,
ඉදිරි
කාලයේදී ඩීසල් ලීටරයක මිල
රුපියල් 700
ඉක්මවා
යනු ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ
නායක,
හිටපු
අමාත්‍ය පාඨලී චම්පික රණවක
මහතා පවසයි.
කොළඹදී
මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම
මිල ඉහළ යාම සිදුවන ආකාරය
පිළිබඳව කරුණු කිහිපයක් පෙන්වා
දුන්නේය.
ඉහළ
මිලකට ලබාගන්නා ඉන්ධන සඳහා
පනවා ඇති 18%
ක
අගය එකතු කළ බද්ද (VAT),
ලීටරයකට
රුපියල් 50ක්
ලෙස එකතු වන අතිරේක වියදම්,
ගනුදෙනුවට
සම්බන්ධ තෙවන පාර්ශවයන්ට
ගෙවීමට සිදුවන 3%
ක
කොමිස් මුදල
මෙම සියලුම
පිරිවැය සහ බදු ප්‍රමාණයන්
එකතු වූ විට පාරිභෝගිකයාට
ලැබෙන ඉන්ධන ලීටරයක මිල රුපියල්
හත්සියය ඉක්මවා යාම වැළැක්විය
නොහැකි බව හිටපු අමාත්‍යවරයා
වැඩිදුරටත් අවධාරණය කළේය.