Home Local News Room : එල්නිනෝ පරදන්න කෘතිම වැසි වස්සයි..

News Room : එල්නිනෝ පරදන්න කෘතිම වැසි වස්සයි..

0
0

 පවතින
දේශගුණික විපර්යාස හමුවේ
ඉදිරි කාලය තුළ දිවයිනට දැඩි
බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂා
කෙරේ
.

ජාත්‍යන්තර
දත්ත විශ්ලේෂණය කරන විද්‍යාඥයින්
පෙන්වා දෙන්නේ එල්
නිනෝ
(El-Nino)
සංසිද්ධිය
50% –
55%

සම්භාවිතාවයකින් ලෝකයට බලපානු
ඇති බවයි
.

මෙම
තත්ත්වය
2027
මාර්තු
හෝ අප්‍රියෙල්

දක්වා දීර්ඝ වීමේ අවදානමක්
ද පවතී
.

විශේෂයෙන්ම
2026
වසරේ
අප්‍රියෙල් සහ මැයි

මාසවලදී වායුගෝලීය උෂ්ණත්වය
ඉහළ යා හැකි බවට පුරෝකථනය කර
ඇත
.

මේ
හේතුවෙන් කෘත්‍රිම වැසි ජනනය
කිරීම කෙරෙහි අවධානය යොමුව
ඇති අතර
,

සඳහා විදේශීය තාක්ෂණික සහාය
ලබා ගැනීමටද නියමිතය
.

ලංකාව
දූපතක් බැවින් මෙම ක්‍රියාවලිය
ඉතා නිරවද්‍ය විද්‍යාත්මක
ක්‍රමවේද ඔස්සේ සිදු කළ යුතු
බව විද්වතුන් අවධාරණය කරයි
.

නිරිතදිග
මෝසම මැයි
20
වනදා
පමණ ආරම්භ වුවද
,
ජුනි
සිට සැප්තැම්බර් දක්වා කාලය
තුළ ලැබෙන වර්ෂාපතනය සාමාන්‍ය
මට්ටමට වඩා බෙහෙවින් අඩු වනු
ඇත
.

පළමු
අන්තර් මෝසම් වැසි මැයි
15
වන
විට නිම වනු ඇතැයි සැලකේ
.
කෙසේ
වෙතත්
,
ඔක්තෝබර්
සහ නොවැම්බර් මාසවලදී දෙවන
අන්තර් මෝසම් වර්ෂාව සාමාන්‍ය
ප්‍රමාණයට වඩා තරමක් ඉහළ
අගයකින් ලැබෙනු ඇතැයි අපේක්ෂා
කෙරේ
.

ශ්‍රී
ලංකාව මීට පෙර
1980
දශකයේදී
ද මෙවැනි කෘත්‍රිම වර්ෂා
අත්හදා බැලීම් සිදු කර ඇති
අතර
,
මෙවර
නවීන තාක්ෂණය යොදාගනිමින්
වියළි කාලගුණයට මුහුණ දීමට
බලධාරීන් සූදානම් වේ
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here