Home Local News Room : දීපචෙල්වන් ගැටුම සැරටම යයි.. ලොක්කියක් ඉල්ලා අස්වෙයි..

News Room : දීපචෙල්වන් ගැටුම සැරටම යයි.. ලොක්කියක් ඉල්ලා අස්වෙයි..

0
0

 ප්‍රකට
දෙමළ කවියකු සහ නවකතාකරුවකු
වන දීප චෙල්වන් ප්‍රදීපන්
මහතා රචනා කළ කෘති මෙරටට ආනයනය
කිරීමෙන් පසු ශ්‍රී ලංකා රේගුව
විසින් රඳවාගැනීමේ සිද්ධිය
පිළිබඳව මේ වන විට පරීක්ෂණයක්
ආරම්භ කර ඇති බව බුද්ධශාසන
,
ආගමික
සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
පවසයි
.

මෙම
සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධශාසන
,
ආගමික
සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි
මහතා සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්
සීවලී අරුක්ගොඩ මහතා අතර විශේෂ
සාකච්ඡාවක් පවත්වා ඇති අතර
,
එහිදී
පැන නැගී ඇති ගැටලුව කඩිනමින්
විසඳා ගැනීමට දෙපාර්ශ්වයම
එකඟතාවකට පැමිණ තිබේ
.

රඳවාගෙන
ඇති ග්‍රන්ථ සම්බන්ධයෙන්
පවතින ගැටලුකාරී තත්ත්වය
හේතුවෙන් ඒ පිළිබඳ නිර්දේශ
ලබා ගැනීමට අදාළ කෘති පහේ
පිටපත් මේ වන විට ආරක්ෂක
අමාත්‍යාංශය වෙත යොමු කර ඇත
.

මෙම
කෘති භාරයට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය
වැළැක්වීමේ පනත යටතේ නොව
,
ශ්‍රී
ලංකා රේගු පනත යටතේ බව අමාත්‍යාංශ
ප්‍රකාශකයා වැඩිදුරටත් අවධාරණය
කළේය
.

දීප
චෙල්වන් ප්‍රදීපන් මහතාගේ
කෘති පහකට අයත් පිටපත්
360
ක්
පසුගිය මාර්තු
18
වැනිදා
රේගු භාරයට ගෙන තිබේ
.
මේ
පිළිබඳව මාර්තු
27
වැනිදා
ලේඛකයාට දැනුම් දී ඇත
.

ශ්‍රී
ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය
සාහිත්‍ය අනුමණ්ඩලය මැදිහත්
වී මෙම ගැටලුව විසඳීමට කටයුතු
කරමින් සිටියි
.

මෙම
කෘති රේගු භාරයට ගැනීමත් සමඟ
ඇති වූ විවාදාත්මක තත්ත්වය
හේතුවෙන් රාජ්‍ය සාහිත්‍ය
අනුමණ්ඩලයේ සාමාජිකාවක ලෙස
කටයුතු කළ ප්‍රවීණ ලේඛිකා
මාලති කල්පනා ඇම්බ්‍රෝස්
මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා
අස්වී තිබේ
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here