ගල් අඟුරු
ආනයනය කිරීමේදී අමාත්‍යවරයාගේ
සෘජු මැදිහත්වීම මත හෝ වෙනත්
පාර්ශවයක සෘජු සම්බන්ධතාවයකින්
කිසිදු ආකාරයක වංචාවක් හෝ
දූෂණයක් සිදුව නොමැති බව රජය
ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව
ඇමති විජිත හෙරත් මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති
දෙපාර්තමේන්තුවේ පැවැති
මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව
අවධාරණය කළේය.
මේ පිළිබඳව
වැඩිදුරටත් අදහස් දැක්වූ
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ,
මේ දක්වා
සිදු කරන ලද කිසිදු පරීක්ෂණයකින්
ඇමතිවරයා මෙවැනි වංචාවකට
සම්බන්ධ බව තහවුරු වී නොමැති
බවයි.
විශේෂයෙන්ම
මේ සම්බන්ධයෙන් නිකුත් වූ
විගණන වාර්තාවේ කිසිදු තැනක
ඇමතිවරයා වංචාවක් හෝ දූෂණයක්
සිදු කළ බවට සඳහනක් නොමැති
බවත්, එහි
සඳහන් වන්නේ ගල් අඟුරු වල
ගුණාත්මකභාවයේ අඩුවක් නිසා
යම් පාඩුවක් සිදු වූ බව පමණක්
බවත් හෙරත් මහතා පැහැදිලි
කළේය.
එසේම,
පාර්ලිමේන්තුවේ
කෝප් කමිටුව තුළ පැය හයකට අධික
කාලයක් මේ පිළිබඳව දීර්ඝ
වශයෙන් සාකච්ඡා වූ බවත්,
එහිදී ද
කිසිදු වංචාවක් තහවුරු නොවූ
බවත් ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයාට
එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග
යෝජනාව අවස්ථාවේදී පවා ඔහු
සෘජුව මෙවැනි වංචාවකට සම්බන්ධ
වූ බවට කිසිදු චෝදනාවක් මතු
නොවූ බව විජිත හෙරත් මහතා
සිහිපත් කළේය.
ගල් අඟුරු
ආනයනය කිරීමේ ක්‍රියාවලිය
රජයේ නිලධාරීන්ගෙන් සමන්විත
ස්වාධීන ප්‍රසම්පාදන කමිටු
සහ ජාතික ප්‍රසම්පාදන කොමිසමේ
නිර්දේශ මත සිදුවන්නක් බවත්,
අමාත්‍යවරයා
සැපයුම්කාර සමාගම් සමඟ කිසිදු
“ඩීල්”
එකක් දමා
නැති බවත් ඔහු මෙහිදී අවධාරණය
කළේය.
නොරොච්චෝල
බලාගාරය ආරම්භ කළ දා සිට මේ
දක්වා අවස්ථා 41 කදී
ගල් අඟුරු ආනයනය කර ඇති අතර,
පෙර රජයන්
සමයේ විවිධ අක්‍රමිකතා සිදු
වූ බව එවකට සිටි අමාත්‍යවරුන්ම
පිළිගෙන තිබූ බව හෙරත් මහතා
පෙන්වා දුන්නේය.
වර්තමාන
රජය මේ පිළිබඳව විනිවිදභාවය
තහවුරු කිරීමට කටයුතු කරන
බවත්, අදාළ
ලිපිලේඛන ආරක්ෂා කර ගැනීම සහ
ජනතාවට කරුණු තහවුරු කිරීම
වෙනුවෙන් අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව (CID) හරහා
අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ
කර ඇති බවත් අමාත්‍යවරයා
වැඩිදුරටත් ප්‍රකාශ කළේය







