Home Local News Room : ට‍්‍රම්ප් හෝමුස් හන්දියේ තනිවේ.. නේටෝ සංවිධානයම එන්න බෑ කියයි..

News Room : ට‍්‍රම්ප් හෝමුස් හන්දියේ තනිවේ.. නේටෝ සංවිධානයම එන්න බෑ කියයි..

0
0

 

ඉරානය
සමඟ පවතින ගැටුම්කාරී වාතාවරණය
හමුවේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය
අවහිර කිරීමට අමෙරිකානු
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
ගෙන ආ යෝජනාවට සහය දීම නේටෝ
සංවිධානයේ මිත්‍ර රටවල්
ප්‍රතික්ෂේප කර තිබේ
.

මෙම තීරණයත්
සමඟ අත්ලාන්තික් මිත්‍ර
සබඳතාවල දැඩි නොසන්සුන්තාවක්
වර්ධනය වී ඇති බව වාර්තා වේ
.

සති හයක්
පුරා ඉරානය සමඟ පවතින යුදමය
වාතාවරණය සමනය කරගැනීමට පසුගිය
සති අන්තයේ පැවති සාකච්ඡා
අසාර්ථක වීමෙන් පසුව
,
අමෙරිකානු
ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ
අදාළ මුහුදු මාර්ගයේ සියලුම
නාවික ගමනාගමනය අවහිර කිරීම
සඳහා අමෙරිකානු හමුදාව සෙසු
රටවල් සමඟ එක්ව කටයුතු කරන
බවයි
.

කෙසේ වෙතත්,
අමෙරිකානු
හමුදාව පසුව නිශ්චිතව සඳහන්
කළේ මෙම තහනම බලපැවැත්වෙන්නේ
ඉරාන වරායන් වෙත යන හෝ එතැන්
සිට පැමිණෙන නෞකාවලට පමණක්
බවයි
.

පසුගිය
පෙබරවාරි
28 වැනිදා
ආරම්භ වූ ගැටුම්වල සිට ඉරානය
විසින් මෙම සමුද්‍ර සන්ධිය
සිය පාලනයට නතු කරගෙන සිටින
අතර
, එය
ස්ථිර කරගනිමින් එම මාර්ගය
භාවිත කරන නෞකාවලින් බදු අය
කිරීමටද ඔවුන් උත්සාහ කරමින්
සිටියි
.

වැඩි
කල් නොගොස් මෙම අවහිර කිරීම
ආරම්භ වන අතර
,
සඳහා සෙසු රටවල්ද එක්වනු ඇත
,”
යනුවෙන්
ට්‍රම්ප් සිය
‘Truth Social’
ගිණුමේ
සටහනක් තබමින් ප්‍රකාශ කර
තිබුණි
.

එහෙත්
බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය
ඇතුළු ප්‍රධාන නේටෝ සාමාජිකයන්
අවධාරණය කරන්නේ තමන් මෙම
ගැටුමට සෘජුව මැදිහත් නොවන
බවයි
.

ලෝකයේ තෙල්
සැපයුමෙන් පහෙන් එකක් ගමන්
කරන මෙම වැදගත් මුහුදු මාර්ගය
යළි විවෘත කිරීම සඳහා තමන්
ස්වාධීන වැඩපිළිවෙළක් සකස්
කරන බව එම රටවල් පවසයි
.
බ්‍රිතාන්‍ය
අගමැති කයිර් ස්ටාර්මර්
බී
.බී.සී.
පුවත් සේවයට
පවසා සිටියේ කොතරම් බලපෑම්
එල්ල වුවද තම රට මෙම යුද්ධයට
ඇද දමා ගැනීමට ඉඩ නොදෙන බවයි
.

ප්‍රංශ
ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්
පවසන්නේ නාවික ගමනාගමනය යථා
තත්ත්වයට පත් කිරීම සඳහා
බ්‍රිතාන්‍යය සහ සෙසු රටවල්
සමඟ එක්ව බහුපාර්ශ්වික මෙහෙයුමක්
සංවිධානය කරන බවයි
.

මෙම
මෙහෙයුම තනිකරම ආරක්ෂක පියවරක්
වන අතර ගැටුම් පවතින පාර්ශවයන්ගෙන්
ස්වාධීන වනු ඇත
,” යැයි
ඔහු සඳහන් කළේය
.

මෙම නව
මෙහෙයුම සම්බන්ධයෙන් සැලසුම්
සකස් කිරීම සඳහා ඉන්දියාව
,
ගල්ෆ් රටවල්,
ඉතාලිය සහ
නෙදර්ලන්තය ඇතුළු රටවල්
30
ක පමණ
සහභාගීත්වයෙන් යුත් සාකච්ඡාවක්
ලන්ඩනයේදී හෝ පැරිසියේදී
පැවැත්වීමට නියමිතය
.

කෙසේ වෙතත්,
ට්‍රම්ප්
විසින් දැනටමත් නාවික අවහිරතාවයක්
ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක
,
යුරෝපීය
රටවල මෙම ස්වාධීන මැදිහත්
වීම ඔහු පිළිගනු ඇත්දැයි
සැකයක් මතුව ඇතැයි විදේශ
රාජ්‍ය තාන්ත්‍රික ආරංචි
මාර්ග පවසයි
.

මේ අතර
තුර්කි විදේශ අමාත්‍ය හකාන්
ෆිඩාන් ප්‍රකාශ කර ඇත්තේ
හෝර්මුස් අර්බුදය රාජ්‍ය
තාන්ත්‍රික මට්ටමින් විසඳාගත
යුතු බවයි
.

එළඹෙන ජූලි
මාසයේදී අන්කාරා නුවර පැවැත්වෙන
නේටෝ සමුළුවේදී ට්‍රම්ප් සමඟ
පවතින සබඳතා යළි සාකච්ඡාවට
බඳුන් කළ යුතු බවද ඔහු පෙන්වා
දී තිබේ
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here