Home Local News Room : වයස ශතකය ආසන්න පීටර් හිල් ශ‍්‍රී ලන්කන් ප‍්‍රධානි ධුරයට..

News Room : වයස ශතකය ආසන්න පීටර් හිල් ශ‍්‍රී ලන්කන් ප‍්‍රධානි ධුරයට..

1
0


සිංහල සහ
හින්දු අලුත් අවුරුදු උදාවෙන්
පසුව ශ්‍රී ලංකන් ගුවන් සේවය
සඳහා නව සභාපතිවරයෙකු පත්
කිරීමට රජය සූදානම් වන බව
වාර්තා වේ
.

විශ්වාසකටයුතු
ආරංචි මාර්ග සඳහන් කරන පරිදි
,
ගුවන්
සේවා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු
වන පීටර් හිල් මහතා මෙම ධුරයට
පත් කිරීම සම්බන්ධයෙන් අවධානය
යොමුව තිබේ
.

මීට
පෙර සංචාරක මණ්ඩලයේ සභාපති
බුද්ධික හේවාවසම් මහතා මෙම
තනතුර සඳහා පත් කරනු ඇති බවට
ක්ෂේත්‍රය තුළ කතාබහක් පැවති
නමුත්
,
රජය එම
තීරණය නැවත සලකා බලා ඇති බව
පෙනී යයි
.

මැදපෙරදිග
නොසන්සුන්තා හමුවේ සංචාරක
පැමිණීම්වල යම් අඩුවක් දක්නට
ලැබෙන බැවින්
,
සංචාරක
ක්ෂේත්‍රය කෙරෙහි පූර්ණ අවධානය
යොමු කිරීම සඳහා පවතින නායකත්වය
එලෙසම පවත්වාගෙන යාමට බලධාරීන්
තීරණය කර ඇති බව වාර්තාවේ
.

දැනට
83 වන
වියේ පසුවන පීටර් හිල් මහතා
ජාත්‍යන්තර ගුවන් සේවා
ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහිත
පුද්ගලයෙකි
.

ඔහු
මීට පෙර ගල්ෆ් කලාපයේ ගුවන්
සමාගම් කිහිපයක මෙන්ම බ්‍රිතාන්‍ය
ගුවන් සේවයේ සහ ඇන්ගෝලා ගුවන්
සේවයේ
(TAAG)
සේවය කර
ඇත
.

1998
සිට 2008
දක්වා
එමිරේට්ස් කළමනාකාරීත්වය
යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ
ප්‍රධාන විධායක නිලධාරීවරයා
ලෙස කටයුතු කළේ ද හිල් මහතාය
.

මෑතකදී
ඔහු මෙරට පෞද්ගලික ගුවන්
සමාගමක් වන
ෆිට්ස්
එයාර්

(FitsAir)
හි
මගී මෙහෙයුම් පිළිබඳ උප සභාපති
ලෙස ද කටයුතු කළේය
.

මෙම
පත්වීම සිදු වුවහොත්
,
දේශපාලන
පත්වීමක් හරහා ශ්‍රී ලංකන්
ගුවන් සේවයේ සභාපති ධුරයට
පත්වන ප්‍රථම විදේශිකයා ඔහු
වනු ඇත
.

10)
දින
සභාපතිවරයා පත් කිරීමට නියමිතව
තිබුණද
,
ඉහළ පෙළේ
මතු වූ කරුණු දෙකක් හේතුවෙන්
එම තීරණය අලුත් අවුරුද්දෙන්
පසු දිනක් දක්වා කල් දමා ඇත
.

සභාපති
පත්වීමෙන් අනතුරුව
,
ගුවන්
සේවයේ ප්‍රධාන විධායක නිලධාරී
(CEO) ධුරය
කෙරෙහි අවධානය යොමු වනු ඇත
.

නිල
නොවන වාර්තා පවසන පරිදි
,
දැනට
ආයෝජන බැංකුකරුවෙකු ලෙස කටයුතු
කරන ශ්‍රී ලාංකිකයෙකු මෙම
ධුරය සඳහා ඉදිරිපත්ව සිටී
.
ඩේලි
නිව්ස් වෙබ් අඩවියේ පළ වූ
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉදිරි
පස් අවුරුදු සැලැස්ම පිළිබඳ
පුවත ද මෙම තත්ත්වය හා සබැඳි
එකක් බව විශ්වාස කෙරේ
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here