Home Local News Room : හොර ඉඩම් නිලධාරියෙක් අල්ලස් ගනිද්දී අල්ලයි..

News Room : හොර ඉඩම් නිලධාරියෙක් අල්ලස් ගනිද්දී අල්ලයි..

0
0

 

නෝවුඩ් ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, සැකකරු ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ඔප්පුවක් හෝ බලපත්‍රයක් නොමැතිව පැමිණිලිකාරිය පදිංචිව සිටින ඉඩමට ඔප්පුවක් සාදා දෙන බව පවසා, වරින්වර රු.275,000/- ක් ලබා ගෙන ඉඩම පිහිටි නෝවුඩ් වසම භාර ග්‍රාම නිලධාරීගේ වාර්තාව ලබා ගැනීමට ග්‍රාම නිලධාරියාට ලබා දීමට බවට පවසා රු.45,000/- (රුපියල් හතළිස්පන්දහස ) ක මුදලින් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබා ගැනීමේ චෝදනාව මත ගවරවිල, අප්කට් සාමිමලේ ප්‍රදේශයේ පදිංචි තැරැව්කරුවෙකු 2026.04.06 දින අයිරදි හංදිය පාලම අසල දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here