Home Local News Room : පොලිස් ලොක්කෙකුගේ රථයේ හැපී කාන්තාවක් මිය යයි..

News Room : පොලිස් ලොක්කෙකුගේ රථයේ හැපී කාන්තාවක් මිය යයි..

0
0

රාජ්‍ය බුද්ධි සේවයේ සහකාර පොලිස් අධිකාරීවරයකු විසින් පැදවූ ආරක්ෂක අමාත්‍යංශයට අයත් මෝටර් රථයක ගැටී බරපතළ තුවාල ලැබ සිටි වයෝවෘද්ධ කාන්තාවක් දින විසි තුනකට පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලංගම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පැලවත්ත තලංගම දකුණ අංක 991/ඩි ලිපිනයේ පදිංචිව සිටි බී. ශෙරින් පෙරේරා 65 නමැත්තියයි

සහකාර පොලිස් අධිකාරීවරයා ඉකුත් 05 වැනිදින රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට අයත් මෝටර් රථයෙන් පැලවත්ත තලංගම දකුණ, දියවන්නා උද්‍යානයේ ප්‍රදේශයේ අතුරු මාර්ගයේ සිට ප්‍රධාන මාර්ගයට පැමිණ රථය දකුණු ප්‍රදේශයට හරවා පැලවත්ත දෙසට ධාවනය කරමින් සිටියදී මාර්ගය හරහා මාරු වෙමින් සිටි කාන්තාව අනතුරකට ලක්ව තිබිණි.

මෙම කාන්තාව මෝටර රථයේ ගැටීමත් සමග ඉදිරියට විසිවී ගොස් ඇද වැටි තිබූ බවත් ඇයගේ හිසට බරපතළ තුවාල සිදුව තිබූ බවත් ඇයව තලවතුගොඩ ප්‍රදේශයේ පුද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමෙන් අනතුරුව සිහිසුන්ව සිටි බැවින් පොලිස් නිලධාරීන්ට ප්‍රකාශ හෝ ලබා ගැනීමට නොහැකි වී තිබූ බව පොලිසිය සඳහන් කරයි

එම අවස්ථාවේදී සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගෙන මුල්ලේරියාව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ජේ. ජේ. ජී. එම්. එස් ප්‍රනාන්දු වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මත්ද්‍රව්‍ය භාවිතා කර නොමැති බවට සඳහන් කරමින් වාර්තාව ලබා දී තිබූ බවත් පසුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ඇප මත මුදාහැර තිබිණි. 

කෙසේ වෙතත් සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා මාරක රිය අනතුරක් සිදුකිරිමට අදාළව යළිත් අත්අඩංගුවට ගෙන වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

– බිමල් ජයසිංහ, බණ්ඩාරගම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here