වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා, ප්‍රමුඛ වෘතීය හා සිවිල් සංවිධාන ඊයේ ජනවාරි පළවෙනිදා ප්‍රධාන කරුණු පහක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහා සංදේශයක් භාරදීමට කටයුතු කරනු ලැබීය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්තමාන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටීම සහ පහත සඳහන් කරුණු කෙරෙහි ඉක්මන් අවධානය යොමු කරන ලෙස ඉල්ලා එම සංදේශය භාරදී ඇත.
මේ වන විට මෙරට සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට මුහුණපාන ඇති බව එම සංතේසිය හරහා පෙන්වා දී ඇති අතර මෙම ඇතිවී තිබෙන තත්ත්වයන් අතරින්
1-ඉන්දු ශ්‍රී ලංකා සෞඛ්‍ය ගිවිසුම හා ඉන්දියානු ඖෂධ ප්‍රමිතිය මෙරට පිළිගැනීම සම්බන්ධයෙන් නැවත වරක් විද්‍යාත්මක හා තාක්ෂණික කමිටුවක් හරහා අධ්‍යනය කරනතුරු අදාළ ගිවිසුම ක්‍රියාත්මක කිරීම නතර කිරීම.
2-පිළිකා ඖෂධ ඇතුළු ඖෂධ හිඟය කඩිනමින් මැඩ පැවැත්වීම රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය දැනුවත් කිරීම.
3-දිගින් දිගටම චෝදනා එල්ල වන සෞඛ්‍ය අමාත්‍යාංශය වර්තමාන පරිපාලනය, නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ අගාර් නිලධාරීන් කන්නමින් ඉවත් කිරීමට අවධානය යොමු කිරීම.
4-කොළඹ ජාතික රෝහල් ආශ්‍රිතව සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කමිටුවක් පත් කිරීම.
5-ඖෂධ නියාමන අධිකාරිය තුළ තත්ත්ව පාලන රසායනාගාරයක් ජාත්‍යාතර මට්ටමෙන් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන හෝ ආධාර වෙන්කර ලබාදීම.
ඉහත කරුණු කෙරෙහි ජනාධිපතිවරයාගේ සෘජු හා කඩිනම් අවධානය යොමු කරන ලෙසත්, ඉහත කරුණු සම්බන්ධයෙන් දත්ත සහා සංඛ්‍යා ලේඛන සමග සාකච්ඡා කිරීමට කඩිනමින් අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඉල්ලා ඇත.









