Home Local News Room : රෝහිණීට ආරාධනා නැතැයි ගාලගෝටියක්..

News Room : රෝහිණීට ආරාධනා නැතැයි ගාලගෝටියක්..

0
0

 

මාතලේ දිස්ත්‍රි­ක්කයේ තිබූ කිසිම ආපදා කළ­ම­නා­ක­රණ කමි­ටු­ව­කට තමාට ආරා­ධනා නොකි­රීම ගැන විරෝ­ධය පළ කර­බව සමගි ජන­බ­ල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රීනි රෝහිණී කවි­රත්න මහ­ත්මිය මාතලේ දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටු­වේදී පැව­සු­වාය.

ඒ සමඟ කමි­ටුව උණු­සු­ම්කාරී තත්ත්ව­යක් ගත් අතර, ඇය එහිදී වැඩි­දු­ර­ටත් මෙසේද කීවාය.

දිට්වා සුළි කුණා­ටුව හා ආපදා තත්ත්වය හේතු­වෙන් මාතලේ දිස්ත්‍රි­ක්කයේ රැස්වූ කිසිදු ආපදා කළ­ම­නා­ක­රණ රැස්වී­ම­කට මට ආරා­ධනා නොකි­රීම ගැන කන­ගාටු වෙනවා. 

ඊට විරෝ­ධය ප්‍රකාශ කරන අතර ඉදි­රි­යේදී හෝ එම කමි­ටු­ව­ලට සහ­භාගි වීමට අයි­ති­යක් තිබෙ­නවා. ඒ නිසා මට ආරා­ධනා කිරී­මට යෝජනා කර­නවා. 

“බුද්ධ ශාසන”” ආග­මික කට­යුතු හා සංස්කෘ­තික නියෝජ්‍ය ඇමැති ගම­ගෙ­දර දිසා­නා­යක මහතා ප්‍රකාශ කර සිටියේ ප්‍රාදේ­ශීය සංව­ර්ධන කමි­ටු­ව­ලට ආරා­ධනා කරන සියලු දෙනාට ආපදා කළ­ම­නා­ක­රණ කමිටු සඳහා සහ­භාගි වීමට හැකි බවත් ඒ සඳහා ආරා­ධනා කළ යුත්තේ ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන් බවත් සඳ­හන් කළේය. 

පාර්ලි­මේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා ප්‍රකාශ කර සිටියේ තමා සහ­භාගි වූ අඹ­න්ගඟ හා ලග්ගල ආපදා කළ­ම­නා­ක­රණ කමිටු සඳහා සහ­භාගි වූ සජබ සභා­ප­ති­ව­රුන් දෙදෙ­නාම ප්‍රධාන වේදි­කාවේ තබා ගනි­මින් කට­යුතු කළ බවත් ඔබ­තු­මිය මෙසේ ප්‍රකාශ කිරී­මෙන් සමා­ජ­යට වෙනත් අද­හ­සක් යන බවත්ය.

සම්බ­න්ධී­ක­රණ කමිටු සම සභා­පති බුද්ධ ශාසන, ආග­මික කට­යුතු හා සංස්කෘ­තික නි: ඇමැති ගම­ගෙ­දර දිසා­නා­යක මහතා ප්‍රකාශ කර සිටියේ මින් ඉදි­රි­යට පැවැ­ත්වෙන ආපදා කළ­ම­නා­ක­රණ කමිටු රැස්වී­ම්ව­ලට පාර්ලි­මේන්තු මන්ත්‍රිනී රෝහිණී කවි­රත්න මහ­ත්මි­ය­ටද ආරා­ධනා කිරී­මට කට­යුතු කරන ලෙසයි.

 – සිරි අබ­ය­සිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here