Home Local News Room : කුණාටුවට කැටුණු වැවු බැම්මට ගැසූ වැලිකොට්ට දැඩි අවදානමක..

News Room : කුණාටුවට කැටුණු වැවු බැම්මට ගැසූ වැලිකොට්ට දැඩි අවදානමක..

0
0

 

දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ජල ගැල්ම හේතුවෙන් කැඩී යාමට ලක් වීමෙන් පසු වැලි කොට්ට දමා ආරක්ෂා කිරීමට කටයුතු කළ හලාවත – තිඹිල්ල වැවේ වැව් බැම්ම නිසි පරිදි ආරක්ෂා නොවීමෙන් අවදානමක් බවතින බව ප්‍රදේශවාසීහු පවසති. 

තිඹිල්ල වැවේ විශාලත්වය අක්කර 400 කි. මෙමගින් ප්‍රදේශයේ කුඹුරු අක්කර 250 ක් පෝෂණය වේ.

පැවති අධික වර්ෂාව හේතුවෙන් වැව් බැම්මේ අඩි 50 කට වැඩි කොටසක් කැඩී ගියේය. 

අනතුරුව ප්‍රදේශවාසීන් එක්ව කඩිනමින් තාවකාලික පිළියමක් ලෙස වැව් බැම්ම වැලි කොට්ට දමා ආරක්ෂා කිරීමට කටයුතු කෙරිණි. 

නමුත් මෙවන විට දිනෙන් දින එහි ඇති අවදානම් තත්ත්වය වැඩි වෙමින් පවතී. එමෙන්ම බැව් බැම්ම තවත් ස්ථාන කීපයකින්ද හානි සිදුව තිබේ.

තිඹිල්ල වැවේ වැඩි ජලය මුදා හැරීම සඳහා ඉදිකර ඇති ජල දොරවල් 04 ද ඉතා අබලන් තත්ත්වයේ පවතී. එසේ අබලන්ව පවතින ජල දොරටු අළුත්වැඩියා නොකර මීට වසර කීපයකට පෙර අබලන් වූ ජල දොරටු වෙත ජලය ගලා ඒම පාලනය කිරීමට ” ටී” බැම්මක් සකස් කර ඒ ආසන්නයෙන් පිට වානක් යෙදීමට කටයුතු කර ඇත. එය ද තාවකාලික පැලැස්තරයක් බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. 

මෙම හානි වූ ප්‍රදේශ වලට තාවකාලික පැලැස්තර නොදමා ස්ථිර විසඳුමක් ලබා නොදුනහොත් ඉදිරියේ කුඹුරු යට වී ප්‍රදේශයට දැඩි අලාභ හානි සිදු විය හැකි බැවින් එම ස්ථාන කඩිනමින් පිළිසකර දෙන මෙන් ඔවුහු ඉල්ලා සිටිති.

අමරනන්ද විජේසේකර මහවැව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here