Home Local News Room : කුණාටුවෙන් වැනසුනු දේපලවලට කෝටි 3700ක් රක්‍ෂණ වන්දි ඉල්ලයි..

News Room : කුණාටුවෙන් වැනසුනු දේපලවලට කෝටි 3700ක් රක්‍ෂණ වන්දි ඉල්ලයි..

0
0

 

ගංවතුරෙන් හා නායයාම්වලින් විනාශ වූ දේපොළවලට අදාළව කර්මාන්තකරුවන් හා නිවාස හිමියන් ඇතුළු පාර්ශ්වවලට රුපියල් කෝටි (3700) ක රක්ෂණ වන්දි ඉල්ලා ඇතැයි රක්ෂණ නියාමන කොමිසමේ සභාපති අජිත් ද මෙල් පැවසීය. 

එසේ රක්ෂණ මුදල් ඉල්ලා ඇති පිරිසෙන් කොටසකට දැනටමත් රක්ෂණ මුදල් ගෙවා ඇතැයිද එසේ ගෙවන ලද මුදල රුපියල් කෝටි එකසිය හතළියකට (140) හෙවත් බිලියන 1.4කට අධික බවද සභාපතිවරයා සඳහන් කළේ ය.

ගංවතුරට යට වූ කර්මාන්ත ශාලා, නිවාස හා අනෙකුත් දේපොළ සඳහා රක්ෂණ මුදල් නොගෙවන බවට ඇතැමුන් චෝදනා කළ ද රක්ෂණ ඔප්පුවල අදාළ රක්ෂණ ආවරණය නිසි පරිදි ඇතුළත්ව ඇත්නම් ඒ අයට රක්ෂණ වන්දි දෙන බව එම සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් දැනුම් දී ඇත. 

යම් ආයතනයක් හෝ පුද්ගලයෙක් සිය රක්ෂණ අවාරණය ගැනීමේදී නිසි පරිදි අදාළ රක්ෂණ ආවරණය ඇතුළත් කර නොමැති නම් ඒ අයට වන්දි නොලැබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය. 

ඇති වූ ආපදාවෙන් පසුව දෛනිකව අදාළ තොරතුරු ගන්නා බවත්, රක්ෂණ සමාගම්වල ප්‍රධානීන් සමග දිගින් දිගටම සාකච්ඡා කරමින් අදාළ රක්ෂණ ගෙවීම් සිදු කරගෙන යන බවත් රක්ෂණ නියාමන කොමිසමේ සභාපතිවරයා පැහැදිලි කළේය. 

එමෙන්ම යම් අයකුට රක්ෂණ ආවරණය තිබියදී ඊට අදාළ මුදල් ලබා නොදෙන්නේ නම් ඊට මැදිහත්වන බවද ඔහු සඳහන් කළේ ය.

මේ අතර කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ කර්මාන්ත හා ව්‍යාපාරික ආයතන විසිනවදහස් හයසිය හතළිස් නවයක් (29,649) ක් ආපදාවට ලක් වූ බවයි. පුත්තලම, නුවරඑළිය, ත්‍රිකුණාමලය, බදුල්ල, කෑගල්ල, මහනුවර, කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පිහිටි කර්මාන්ත හා ව්‍යාපාරික ස්ථානවලට හානි වී ඇතැයිද අමාත්‍යාංශය සඳහන් කළේය.

Aruna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here