Home Local News Room : අධිවේගයේ වරදක් හදයි.. කෙරවලපිටියෙන් ප‍්‍රවේශපත‍්‍ර දීම අත්හිටුවයි…

News Room : අධිවේගයේ වරදක් හදයි.. කෙරවලපිටියෙන් ප‍්‍රවේශපත‍්‍ර දීම අත්හිටුවයි…

0
0

 

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ මේ දක්වා පැවති ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද (22) දහවල් 12.00 සිට වෙනස් කිරීමට සැලසුම් කර ඇත.

සීදුව සහ පෑලියගොඩ අන්තර් හුවමාරු ස්ථාන මඟින් ප්‍රවේශ වන වාහන සඳහා කෙරවලපිටිය අන්තර් හුවමාරුව(KIC 1) මඟින් ප්‍රවේශපත්‍ර ලබාදීමක් සිදු නොකෙරේ. ඒ වෙනුවට කොළඹ -කටුනායක අධිවේගී මාර්ගයට ප්‍රවේශ වීමේදි සීදුව සහ පෑලියගොඩ අන්තර් හුවමාරු ස්ථාන මඟින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.

පිටත වටරවුම් මාර්ගයෙන් පැමිණෙන වාහන කටුනායක අධිවේගි මාර්ගයට ඇතුළු කිරීමේදී, කෙරවලපිටිය අන්තර් හුවමාරුවෙන් පිටවීමේ රිසිට්පත සහ නැවත නිකුත් කරනු ලබන ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමද අහෝසි කරනු ලබන අතර කෙරවලපිටිය හුවමාරුවෙන් (KIC 2) පිටවන වාහන සඳහා පමණක් පිටවීමේ රිසිට් පත් නිකුත් කිරීම පෙර පරිදිම සිදු කරනු ලැබේ…!

ඒ අනුව නව ක්‍රමවේදය යටතේ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයට ප්‍රවේශ වීමේදී සීදුව සහ පෑලියගොඩ අන්තර් හුවමාරු ස්ථාන මඟින් ප්‍රවේශපත්‍ර ලබා ගත යුතු වේ.

⁠පිටත වටරවුම් මාර්ගයෙන් පැමිණෙන වාහන කටුනායක අධීවේගි මාර්ගයට ඇතුළු වීමේදී ප්‍රවේශපත්‍ර ලබාගැනීමකින් තොරව පිවිසිය හැකි වන අතර කෙරවලපිටිය අන්තර් හුවමාරුවෙන් පිටවන වාහන සඳහා පිටවීමේ ගාස්තු ගෙවා අධිවේගි මාර්ගයෙන් පිටවිය හැක.

 ⁠ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවන රථවාහන කොළඹ -කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදි පමණක් එම පහසුකම ලබා ගත හැකි අතර ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවන රථවාහන පිටත වටරවුම් මාර්ගයට ඇතුළු වීමේදී ගාස්තු ගෙවා යන මංතීරූ වලින් ඇතුළු වීමට කටයුතු කළ යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here