Home Local News Room : පොලිස් නිලධාරියෙකු අල්ලස් ගනිද්දී අත්අඩංගුවට…

News Room : පොලිස් නිලධාරියෙකු අල්ලස් ගනිද්දී අත්අඩංගුවට…

0
0

 

නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකාරියගේ විදේශගත වීමට අදාළව ලේඛණ සකස් කර ගැනීම සඳහා අවශ්‍ය වන පොලිස් වාර්තාව ලබා දීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා රු.10,000/- (රුපියල් දසදහසක) ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත නිලාවේලි පොලිස් ස්ථානයේ සේවය කරනු ලබන පොලිස් සැරයන්වරයෙකු 2025.12.16 වන දින ප.ව.4.56 ට පමණ පැමිණිලිකාරියගේ නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු 2025.12.17 වන දින කුච්චවේලි සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here