Home Local News Room : ‘ශ‍්‍රී ලාකිංක දින’ අහෝසි කෙරේ..

News Room : ‘ශ‍්‍රී ලාකිංක දින’ අහෝසි කෙරේ..

0
0

 

ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලාංකිකයන්ගේ දිනය නොපැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පියවර ගෙන තිබේ.

රටට බලපෑ ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඒ අනුව ලබන 12,13,15  තෙදින පැවැත්වීමට තිබූ ශ්‍රී ලාංකිකයන්ගේ දිනය ඒ ආකාරයට අවලංගු කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර තිබේ.

එම දින සැමරුමට රජය විසින් රුපියල් මිලියන 300ක් වෙන්කර ඇති අතර එම මුදල ආපදා සහන සේවාව වෙනුවෙන් යෙදවීමට ද රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

විශේෂයෙන් ම, ශ්‍රී ලාංකිකයන්ගේ ජාතිකත්වය වර්ධනය කිරීමේ අරමුණින් රට පුරා අදාළ දින තුන තුළ විවිධ සැමරුම් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි.

කෙසේ නමුත්, එවැනි දිනක් ඉදිරියේදී පවත්වනවාද නැද්ද යන්න මෙතෙක් රජය විසින් තීරණය කර නොමැත.

අනුරාධා හේරත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here