සුළි කුනාටු ආපදාවෙන් දහසක් මියගිය බවට කෑ ගසන මන්ත්‍රීවරයා බලය පිළිබඳව ආසාවකින් පෙලෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.
අද පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍යංශය වැය ශීර්ෂයේ පිළිතුරු කතාව කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
කබීර් හෂිම් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ඉලක්ක කරමින් ජනාධිපිවරයා එම පුද්ගලයා අමාත්‍යවරයෙකුව සිටින කාලයේ එයා ලංකා ගනුදෙනුවක් අවසන් කිරීම සඳහා ඩොලර් මිලියන 120ක ගෙවීමට සිදුවූ බවය.
එමෙන්ම ඔහුගේ බෑනාට හන්තාන ප්‍රදේශයේ රජයේ ඉඩමක් අඩු මුදලකට බදු දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාට දන්වන බවත් හෙතෙම සඳහන් කළේය.
ආපදාව සදහා වන අරමුදල් එකතු කිරීම සඳහා පත් කරන ලද කණ්ඩායමට ජාවාරම් කරුවන් කියන්නේ එවන් පුද්ගලයෙක් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
මෙවර ආපදා අපට අරමුදල් එකතු කිරීම සඳහා පත් පත් නම් කර ඇති ගිණුම තවදුරටත් පවතින්නේ මහා භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ පැවසූ ඔහු කමිටුවක් පත්කර ඇත්තේ ඒ සඳහා මුදල් එකතු කිරීමට බවද කියා සිටියේය.
මෙම අර්බුදයෙන් ගොඩයාම සදහා අවම වශයෙන් වසර තුනක කාලයක් යන බවත් ඒ සදහා වන විශේෂ විධිවිධාන පනතක් සම්ම කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසුවේය.









