Home Local News Room : කුඹුරු අක්කට දෙලක්‍ෂ හැත්තෑදහසක් ගංවතුරෙන් විනාසයි..

News Room : කුඹුරු අක්කට දෙලක්‍ෂ හැත්තෑදහසක් ගංවතුරෙන් විනාසයි..

1
0

 

2025/26 මාස් කන්නයේ වී වගාවෙන් අක්කර දෙලක්ෂ හැත්තෑ දහසකට අධික ප්‍රමාණයක් ගංවතුරෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.

අක්කර 403750ක් අර්ධ වශයෙන් හානියට පත්වී තිබෙන බවත්, අක්කර 274250ක් සම්පූර්ණයෙන්ම හානියට පත්වී තිබෙන බවත් සභාපතිවරයා පවසයි. දිස්ත්‍රික්ක 22 කට බලපෑ ජල ගැලීම් වලින් සහ වැලි ගොඩගැසීමෙන් වගා හානියට පත්වී ඇත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අක්කර 15000ක් පූර්ණ වශයෙන් හානියට පත්වී අක්කර 18,000ක් අර්ධ ලෙස හානියට පත්වී ඇත. මඩකලපුව පූර්ණ වශයෙන් අක්කර 15,000ක් සහ අර්ධ වශයෙන් අක්කර 25,000ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුර්ණ වශයෙන් අක්කර 14,000ක් සහ අර්ධ වශයෙන් අක්කර 22,000 ක් හානියට පත්වී තිබෙන බව සභාපතිවරයා පැවැසීය.

අනුරාධපුරයේ පුර්ණ ලෙස අක්කර 11000ක්, අර්ධ වශයෙන් අක්කර 13000ක්, පෙලොන්නරුව පූර්ණ ලෙස අක්කර 13000ක්, අර්ධ අක්කර 22500ක් හානියට පත්වී තිබෙන බව පැවසූ අනුරාධ තෙන්නකෝන් මහතා වව්නියාව, කිළිනොච්චිය, යාපනය, මුලතිව් දිස්ත්‍රික්කවල අක්කර 12000ක් පූර්ණ වශයෙන්ද අක්කර 24000ක් අර්ධ වශයෙන් ද හානියට පත්වී තිබෙන බව පැවැසීය.

බදුල්ල, මොනරාගල, පුත්තලම, ගාල්ල, මාතර, මාතලේ, මහනුවර, ගම්පහ, කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්කවල වී වගාවටද හානි සිදු වී තිබෙන බව හෙතෙම පැවසීය.

– නිමල් ගුණතිලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here