ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
මේ හේතුවෙන් දෙසැම්බර් මස 04 වන දින සිට දිවයිනේ, විශේෂයෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ.
මේ සම්බන්ධයෙන් විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ පැවති අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් කඳුකර ප්‍රදේශයන්හි පස් තට්ටු ජලයෙන් පිරී ඇති නිසා එම ස්ථානවල පොළොවේ ඉරිතැලිම් ඇති නිසාත් ඉදිරි දින කිහිපයේ වර්ෂා ඇතිවුවොත් නැවතත් දැඩි අවදානමක් මතුවිය හැකි බවයි.
එනිසා කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින බවත් ඔවුන් කියා සිටී.







