Home Local News Room : ගෙවල්වලට වෙලා නිකං ඉන්න එපා.. ඇවිත් පාරවල් හදන්න..- මාලිමා...

News Room : ගෙවල්වලට වෙලා නිකං ඉන්න එපා.. ඇවිත් පාරවල් හදන්න..- මාලිමා මන්ත‍්‍රීනී

1
0

 

කොත්මලේ නැගෙනහිර කලාපයේ ආපදා රැසක් සිදු වී ඇති බවත්, එම ස්ථානවලට යැමට තිබෙන මාර්ග සියල්ල නාය ගොස් ඇති නිසා එම ස්ථානවලට ලගා විමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව (30) දින මාධ්‍යට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. අනුෂ්කා දර්ශනි මහත්මිය පැවසීය.

එම කලාපයේ නායගිය ස්ථානවල දැනට සිරුර 17ක් සොයා ගත් බවත්, එම සිරුරු කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පශ්චාත් මරණ පරික්ෂනය සදහා තැම්පත් කර ඇති බවයි මන්ත්‍රිවරිය කියා සිටියේ.

ආපදාවෙන් පීඩාවට පත් කොත්මලේ නැගෙනහිර කලාපයේ ජනතාවට අවශ්‍ය ආහාරපාන ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මගින් කොත්මලේ ගාමිණි විද්‍යෘලයේ ක්‍රිඩංගණය දක්වා රැගෙන විත් බෙදා හැරීමට පියවර ගෙන ඇති බවත්, පැවසූ මන්ත්‍රීවරිය කොත්මලේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙය ජාතික ආපදාවක් බවත්, මෙම අවස්ථාවේ කොත්මලේ අවට සියලු දෙනා නිවාසවලින් එළියට පැමිණ අවහිර වී ඇති මාර්ග යථා තත්වයට පත් කිරිමට දායක වන ලෙසයි.

රංජිත් රාජපක්ෂ            

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here