පොලිස් සේවයේ රාජකාරි කළ දූෂිත නිලධාරීන් හාරසීයක පමණ පිරිසක් පසුගිය කාලයේ දී සේවයෙන් ඉවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කරයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති වැඩමුළුවකදී පොලිස් අධිකාරි එල්.යූ. වුට්ලර් මහතා පැවසුවේ එසේ සේවයෙන් නෙරපා යැවූ වැඩි පිරිසකට ඇත්තේ විෂ මද්‍රව්‍ය පිළිබඳ චෝදනා බවයි.
මෑත කාලසීමාවේදී ද මෙම චෝදනා සම්බන්ධයෙන්ම පොලිස් නිලධාරින් සීයකට වැඩි පිරිසක වැඩ තහනමකට ලක් කර තිබේ.









