Home Local News Room : පඩි වැඩි කිරීමට විරුද්ද වුනා කියා නාමල්ගේ, සජිත්ගේ පඹයන්...

News Room : පඩි වැඩි කිරීමට විරුද්ද වුනා කියා නාමල්ගේ, සජිත්ගේ පඹයන් හදා වතුකරයේ පුච්චයි..

0
0

වතු
කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරිමට මහා භාණ්ඩාගාරයෙන් රු.200ක මුදලක් වෙන්
කිරිමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වත්මන් රජය කටයුතු කිරිම සම්බන්ධයෙන්
විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් එයට විරෝධය පැමට එරෙහිව බගවන්තලාවේ සහ මස්කෙළිය යන
නගර වල (16) දින පස්වරුවේ වතු කම්කරුවන් විරෝධය දක්වමින් උද්ගෝෂණයක නිරත විය.

උද්ගෝෂණයේ
නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ ඉතිහාසයේ කිසිදු දිනක උද්ගෝෂණ සහ වැඩ වර්ජන
කරමින් තම වැටුප වැඩි කර ලබා නොගත් බවත්, ඉතිහාසයේ පළමු වතාවට වැඩ වර්ජන හෝ
උද්ගෝෂණ නොකරමින් එක්වර රු.400ක වැටුපක් ලබා දීමට ජනාධිපතිවරයා සහ වත්මන් රජය
කටයුතු කල බවයි.

විපක්ෂය
නියෝජනය කරන වතුකරයේ දේශපාලාඥයන් සහ විපක්ෂය ඇතැම් පිරිස් වතුකරයේ ජනතාවගේ දුක
හදුනන්නේ නොමැති බවත්, තමන්ගේ දුක දන්නා පාලකයින්ට ඉදිරියෙදි තම පූර්ණ සහයෝගය ලබා
දෙන බවයි.

බගවන්තලාව
නගරයෙදි මිනී පෙට්ටියක් රැගෙන වතුකම්කරුවන් උද්ගෝෂණය කර නාමල් රාජපක්ෂ මහතාගේ
පිලිරුවක් සකස් කර එයටද නගර මධ්‍යයේදි ගිනි තබා වැටුප් වැඩි කිරිමට විරුද්ධ වූ
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡායාරූපද ගිනි තබනු ලැබූහ.

රංජිත් රාජපක්ෂ       

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here