Home Local News Room : තොණ්ඩමන් ඉන්දියාවේ මගුල් කයි.. ලංකාවේ සාද දෙකයි…

News Room : තොණ්ඩමන් ඉන්දියාවේ මගුල් කයි.. ලංකාවේ සාද දෙකයි…

1
0

 

දිවන්ගත
හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයාවන
එම පක්ෂයේ වත්මන් මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතාගේ
විවාහ මංගල උත්සවය ඉන්දියාවේ චෙන්නායි නුවරදී මේ මස (
23)
දින පැවැත්විමට සියලුම කටයුතු
සූදානම් කර ඇත.

ජීවන්
තොන්ඩමන් මහතාගේ මනාලිය වනුයේ ඉන්දියාවේ දේශපාලන පසුබිමක් සහිත පවුලක පැවත
එන්නියක් බවත්
, සීතායි ශ්‍රී නාච්චියාර් නැමති ඇය වෘත්තීයෙන් වෛද්‍යවරියක
බවයි පැවසෙන්නේ.

31 වන වියේ පසුවන ජීවන් තොන්ඩමන් මහතාගේ විවාහ උත්සවයට
මෙරට සහ ඉන්දියාවේ දේශපාලඥයන් රැසකට ආරාධනා කර ඇති අතර
,
මෙරට හිටපු ජනපතිවරුන් වන
රනිල් වික්‍රමසංහ සහ මහින්ද රාජ පක්ෂ මහතා ඇතුලු තවත් ප්‍රභූවරුන් පිරිසකට විවාහ
මංගල උත්සවය සදහා ආරාධනා කර ඇති බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රකාශකයෙකු කියා
සිටියේ.

ඉන්දියාවේ
විවාහ මංගල උත්සවය පැවැත්වීමෙන් අනතුරුව ජීවන් තොන්ඩමන් මහතා මෙරටට පැමිණිමෙන්
අනතුරුව කොළඹදී සහ කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයෙදි හිතවතුන් සහ
පාක්ෂිකයන් වෙනුවෙන් විවාහ ප්‍රිය සම්භාශනයක්ද පැවැත්වීමට කටයුතු කර ඇත.

රංජිත් රාජපක්ෂ               

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here