අනුර බාලසූරිය
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවන් ඇතුළු සේවකයන් 2200ක් පමණ ඉවත් වීමට ඉල්ලූම් කර ඇති අතර මෙමඟින් විදුලි සේවා සැපයුමට බලපෑමත් විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ සමාගම්වලට අනුයුක්ත වීමට අකැමැති සේවකයන්ට සිය කැමැත්තෙන් විශ්‍රාම යෑමට ලබාදුන් අවසරයට අනුව සිය කැමැත්තෙන් විශ්‍රාම යෑමට ඉල්ලුම් කර ඇති එම පිරිසේ ඉන්ජිනේරුවන් 78ක්, ගණකාධිකාරීන් 18ක් ඇතුළුව තාක්ෂණ හා කාර්මික ශිල්පීන්, විදුලි අධිකාරීන්, ලිපිකරුවන්, රියැදුරන් ඇතුළු සේවකයෝ රැසක් සිටිති.
මේ අතර ජනන අංශයේ සේවකයෝ 400ක් පමණ සිටිති.
ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑමට කැමැත්ත ප්‍රකාශ කර 2,174 ක් දෙනා ලබාදුන් ඉල්ලීම් ලිපි මේ වන විට ප්‍රධාන කාර්යාලයට ලැබී ඇති අතර ප්‍රාදේශීය කාර්යාල වලට ලබාදී ඇති තවත් ලිපි සුළු සංඛ්‍යාවක් ලැබීමට නියමිතව තිබේ.
විදුලිබල මණ්ඩලයට අනුමත ඉන් පිනේරුවන් 1,004ක සංඛ්‍යාවෙන් දැනට සිටිනුයේ 680ක් තරම් අඩු පිරිසක් බවත් එයින් 70 දෙනකු මේ වනවිට විදේශගතව ඇති බැවින් තවත් ඉන්ජිනේරුවරුන් 78ක් ස්වේච්ජාවෙන් විශ්‍රාම ගිය පසු ලංවීම ඉන්ජිනේරුවන්ගේ සංඛ්‍යාව 532 ක් දක්වා අඩු වන බවත් ලංවීම උසස් නිලධාරියෙක් ‘ඉරිදා මව් ව්බිම’ ට පැවැසීය.
ඒ අනුව ලංවීම ඉන්ජිනේරුවන්ගේ සංඛ්‍යාව අඩකින් පමණ අඩු වන බවත් පළපුරුදු ඉන්ජිනේරුවන්ගේ සංඛ්‍යාව අඩු වීම බරපතළ අර්බුදයක් බවට පත්විය හැකි බවත් ඔහු කීවේය.
මේ හේතුවෙන් ඇතැම් බලාගාරවල සිටිය යුතු මෙහෙයුම් ඉන්ජිනේරුවන් සංඛ්‍යාව එක් අයකු දක්වා අඩුවන බවත් එම නිලධාරියා කීය.
ජනන අංශයේ 400ක පමණ සේවක පිරිසක් ඉවත්වීමද බරපතළ තත්ත්වයක් බවත් ජනන අංශයට අලුතින් සේවකයකු බඳවා ගෙන පුහුණු කිරීමට මාස 6ක පමණ කාලයක් ගත වන බවත් හෙතෙම සඳහන් කළේය.
සමස්තයක් වශයෙන් විදුලි බල මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව 26,783 ක් සිටිය යුතු වුවත් දැනටත් සිටිනුයේ 21,800ක් වැනි සංඛ්‍යාවක් බවත් මෙම සංඛ්‍යාවෙනුත් 2,200ක් ඉවත් වූ විට සේවක සංඛ්‍යාව 19,600 ක් දක්වා පහළ වැටී සමස්ත සේවක සංඛ්‍යාව 10%කින් පමණ අඩුවනු ඇති බවද මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේය.
– මව්බිම









