පාර්ලිමේන්තු සේවක ප්‍රජාව මේ වන විට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසීමට සූදානමින් සිටින බවට වාර්තා වේ.
මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, පාර්ලිමේන්තු පරිපාලනය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සකස් කරන ලද කමිටු වාර්තාව කෙරෙහි සේවකයින් දක්වන විරෝධයයි.
මෙම ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා ඇතුළත් කමිටු වාර්තාව, වැඩිදුර අධ්‍යයනය සඳහා පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානීන් වෙත යොමු කර ඇති අතර ඊට පාර්ලිමේන්තුවේ සේවයේ නියුතු 850කට ආසන්න සේවක පිරිස, දැඩි අසතුටක් පළ කරයි.
මෙම විරෝධතා ක්‍රියාමාර්ගය, ඉදිරියේදී එළඹෙන අයවැය විවාද කාලසීමාව තුළදී ක්‍රියාත්මක සිදු කිරීමට සූදානමක් ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු දෙපාර්තමේන්තු නවයක මෙම සේවක පිරිස සේවය කරති.









